මේ බ්ලොග් අඩවිය සහ මා ගැන වචනයක්

මම ලියන්න පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලම.

ගෙදරට පිටින් නෑයෝ, යාලුවෝ ඇවිත් කතා බහ කරන කොට, මම කළේ, සද්ද නැතුව ඒ උදවිය කියන ඒවා අහගෙන හිටපු එකයි. ඒ හැම සිද්ධියක්ම, මගේ ඔලුවේ සටහන් උනේ, හරියට කතාවක පියවරවල් වගේ. නිදාගන්න ගිය වෙලාවල ඒ හැම පියවරක්ම ගොනු කරලා, මම කතාවක් ගොඩ නැගුවා. චරිතවල රඟ පෑවේ ඇත්ත උදවිය.

ලමා කාලෙදි මම පත්තරවලට ලියන්න පුරුදු වෙලා හිටියා. ලොකු උනාම ඒ ආසාව නිමාවක් දැක්කේ නවකතා බවට පත්වෙලා.

මට කාන්තාවන් ගැන ලියන්න මුලින්ම බල කලේ, මගේ අම්මා. ඒත් කාන්තාවන්ගේ තත්වය හරියට අවබෝධ උනේ, ලංකාවෙන් පිටට ආවට පස්සේ කීවොත් වඩා නිවැරදී. මිනිස්සු විදේශගත වෙන්නේ, එය සුරපුරක් කියලා හිතාගෙන. ඒත් ඒ මායාවට මැදිවෙලා හීන ලෝකෙක, හීන දකිමින් තමන්ගේ ජීවිත සටන ගෙනියන්න ඔවුන් විඳින වධය මගේ ඇහැට අහු උනෙත්, ඒ අයගේ පීඩාව මගේ හිතට දැනුනෙත් ඒ අවදියෙදි.

මගේ නවකතා හැම එකක්ම වගේ සත්‍ය සිද්ධි පදනම් කරගෙන ලියපු ඒවා. ඒවා මේ වගේ බ්ලොග් එකක පල කරන්න මම තීරණය කළේ, අද බ්ලොග් ලියන අයගේ විවිධ අදහස්, ඒ වගේම වෙනස් විදියකට ලෝකය දිහා බැලීමට ඔවුන් දරන උත්සාහය නිසා. මා , ලීව සමහර කතා අසම්මත කියලා සමහරුන්ට හිතෙන්න පුලුවනි. ඒත් ඒ ගැන අදහස් දැක්වීම මෙය කියවන ඔබට මම භාර කරනවා.

ඒවගේම මම ආදරයෙන් ඔබ හැමගෙන් ඉල්ලා හිටිනවා, මගේ නවකතා කියවලා ඔබගේ ප්‍රතිචාරයන් දක්වන ලෙස. ඒ ප්‍රතිචාර මොන වගේ උනත්, ඒ හැමදේම සතුටින් බාරගෙන,ඉදිරියේදී ලියැවෙන කතා ඒ අනුව වෙනස් කර ගැනීමට මා සූදානම්.

20 comments:

  1. ඔන්න මම ඔබේ පළමු හඹා එන්නා වුණා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මම දුවන්න ලෑස්ති වෙනවා. :D
      ස්තූතියි නලීන්.

      Delete
  2. සිංහල බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
  3. ඔන්න කතුවරී, මමත් මගේ ඩෙනිමේ තිබ්බ කමෙන්ට් එක හරහා පාර හොයාගෙන ආවා.

    බ්ලොග්, නවකතාවට වඩා ප්‍රබල මාධ්‍යයක් කියලා ඔයාට තේරෙයි ඔයා ලියන ලියන පරිච්ඡේදයට උණු උණුවේ පාඨකයන්ගෙ feedback එක ලැබෙනකොට, මම හිතන්නෙ. ඒක ආසා හිතෙන දෙයක් නෙවෙයිද පත්තරේක විචාරයක් කියවනවට වඩා?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් ඉතින් බ්ලොග් ලියන අය ගොඩක් ඉන්නවනේ. අනෙක ඔයාගේ ඩෙනිම හරිම රසවත්. ඒ වගේ බ්ලොග් කියවන්න තියෙද්දි, මේ වගේ කතාවක් කියාගෙන ඉන්න එක හොඳද කියලත් හිතුනා.:)

      ඒ වගේම විචාර කරන අයත් අඩුයි.

      Delete
  4. දිගු ගමනකට සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. සහන්ට ගොඩක් ස්තුතියි.

      Delete
  5. ස්තූතියි , නවකථාවේ කොටස් කීපයක් කියෙව්වා. සාර්ථකයි ! හැකි විට හැමවිට කියවන්නම්. දිගටම ලියන්න සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔබටත් ගොඩක් ස්තූතියි සුබ පැතුමට.

      Delete
  6. කතුවාරී කියන නමේ තිබෙන බැරෑරුම් කමට ඔබ සාධාරණයක් ඉටු කරයි කියලා විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. මමත් උත්සාහ කරන්නේ ඒ සාධාරණය ඉෂ්ට කිරීම සඳහා.
      වෙලා තියන විදියට ඇවිත් කියවලා බලන්න. එවිට ඔබටම දැනගත හැකිවෙයි.:)

      Delete
  7. ඔන්න මමත් ආවා..අස්වැන්නට ඇවිත් අගනා සටහනක් ලියා තිබුණා ඒ ඔස්සේ තමයි ආවේ... "කතුවරී.." ඇත්තටම එහෙම කෙනෙක් වෙන්න කොයිතරම් වෙහෙසක් ගන්න ඕනෙද.? එබට සහජයෙන්ම ඒකුසලතාවය පිහිටව්වට ඇති. ඒ සඳහා මේ අවකාශය හොද ඉසව්වක් වේවි. අපි ඉදිරියේදි බලමු මොන ආකාරයේ නවකතාද ලියන්නේ කියලා.

    කොහොම වුණත් රසට බස හසුරුවමින් ඒ දිගු ගමනට යන්න ඔබට සුබ පතමි.

    ගීතයට, සංගිතයට, කලාවට සාහිත්‍යයට කැමති අය අතරින් බ්ලොග් අවකාශයෙන් ලේඛිකාවක් හමුවිමත් සතුටක්

    ReplyDelete
    Replies
    1. ඔබ වැන්නෙක් මගේ බ්ලොග් අඩවියට පැමිනීමත් මට ලොකු සතුටක්. මා මෙය කරන්නේ ආසාවට. හරියට භාෂාව දන්න නිසා නම් නෙමෙයි. ඒත් දැන් නම් ඔබ සැමගේ උදව් මේ අන්දමින් ලැබෙන නිසා එය විශාල බලාපොරොත්තුවක් බවට හැරවිලා.

      දයානන්දට ස්තූතියි.

      Delete
  8. දිගටම ලියන්න සතතයේ යෙදෙන්න නිරතුරු හිතන්න පුංචි දේ ගැන
    සැලකිලි වන්න කලකදී දක්ෂ කතා කරුවෙකු වේවි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. ඔයා වගේ අය විවේචනයට එනවානම් ලියන්න හිතෙනවා.:)

      Delete
  9. suba payhum magen.theruwan saranayi.

    ReplyDelete
  10. ඔන්න අද ඉදන් මමත් "කතුවරි" ගේ නවකතා කියවන්න එනවා. ඉඩ ලැබුණු ලැබුණු හැටියට එන්නම් :)

    ReplyDelete
  11. බ්ලොග් එක පටන් ගත්ත දවස් වල ඉදන් ෆේස් බුක් එකවුන්ට් එකේ හිටියට බ්ලොග් එක පැත්තට ආවේ අද. එනකොට කොටස් 15 ක්ම දාලා :) ජය වේවා !!

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් සුබ පැතුම්!!!!ලස්සන කතා ටිකක් ලියන්න ලැබේවා

    ReplyDelete

ඔබේ අදහස් මම ඉතා අගේ කොට සලකමි.
I greatly value your feedback.