Wednesday, May 22, 2013

අවසානයද? පටන් ගැනුමක්ද?



අඳුන සිහින අවසාන කොටස

ගොඩනැගිල්ල දුටු රිදීමාට සිතුණේ, ‘රෝහලයැයි පැවසුවාට එය රෝහලක්’ නොවන බවය.එය පැරණි මන්දිරයක් සිහි කරනා සුවිසාල ගොඩනැගිල්ලක් විය. වටා පිටාව උස් ගස් කොළන්වලින් වැසී තිබුණු අතර, පසෙකින් අලංකාර පොකුණක්ද, ඒ වටා පැනවූ අසුන් කිහිපයක් ද දක්නට ලැබිණි. පරිසරයේ වූයේ සිත් නිවනා සුළු, ශාන්ත බවෙකි. රෝහලේ සේවකයෝ ඉතා විනීත, කරුණාවන්ත අය වූය. ඊට ඇතුල් වූ විගස රිදිමා, නදින් අය්යාගේ අත තරයේ අල්වා ගත්තාය. ඔවුන්ගේ විස්තර සටහන් කරගත් හෙදියක් ඔවුන් උඩුමහල වෙත ගෙන ගියාය. රිදීමාගේ යහළුවන් ඒම ගැන මව කැමැත්ත ප‍්‍රකාශ කොට තිබූ බැවින් ඔවුහුද එහි පැමිණ සිටියෝය. සියල්ලෝම රිදීමාගේ මවගේ කාමරය වෙත ගමන් කළාහ.

පටු කොරිඩෝවක් ඔස්සේ ගමන් කළ හෙදිය දකුණට හැරුණාය. දකුණුපස කෙළවර වූයේ නාන කාමරයකි. ඈ සෙමෙන් වසා තිබූ දොරට තට්ටු කළාය.

“එන්න...” සිහින් හඬක් ඇතුළෙන් ඇසුණේය.

තමාගේ හද ගැහෙනා හඬ අන් අයට ඇසේ යැයි රිදීමා බිය වූවාය. හෙදිය දොර විවර කළ මුත්, ඇය හිස එසවූයේ නැත. නදින් අය්යා, ඇගේ සුරතින් ඇද ඇයව ඇතුලට ගත්තේය. යහළුවෝ සියළුදෙනා දොර අසල නතර වූහ. රිදීමා හිස එසවූයේ සෙමිනි. කවුළුව අසල අසුන්ගෙන උන් කාන්තාව ඉතා සෙමින් ඉන් නැගිට්ටාය. රිදීමා මුලින් දුටුවේ, මුළුමනින්ම සුදු පැහැ ගැන්වුණු ඇගේ කෙස් කළඹය. අනතුරුව කඳුලෙන් පිරෙමින් තිබූ ඇගේ දෙනෙතය. අවිහින්සක, සිනහවකින් පිරෙමින් තිබූ මඳක් සැලූණු දෙතොලය. දිගු සායකින් හා චාම් බ්ලවුසයකින් සිටි ඈ සිය දෑත් රිදීමා වෙත දිගු කළාය.

රිදීමාගේ මුවින් යම් හඬක් නිකුත් විය. තමා දුවගොස් මව වැළඳ ගනු ඇයට දැනුණේ, ඉතා සෙමෙන් සිදුවන
අපූරු සිදුවීමක් හැටියටය. තමාට ඉතා සුපුරුදු වූ ඒ මල් සුවඳ ඇගේ නැහැයට දැනිණි. මවගේ ළමැදේ උණුසුම ඇගේ ළයට දැනිණි.

“අම්මා....” ඈ සෙමෙන් මැතිරුවාය.

“මගේ සුදු දුව....” මව ඇගේ හිස නොනවත්වාම පිරිමැද්දාය.

“මගේ සුදු දුව....” ඇගේ නෙතින් නොකඩවා ගැලූ කඳුළු බිඳු රිදීමාගේ කපොලක් තෙමාගෙන පහළට ගැලීය. රිදීමාට දැනුණේ, තමා සොයමින් සිටි ප‍්‍රහේළිකාවේ ප‍්‍රධාන පුරුක සමුවී, ඉතිරි සියල්ලම නියමිත තැන්වලට වැටීමෙන් මුළු ප‍්‍රහේළිකාවම විසඳී ගිය බවකි.

“මම අම්මව තනි කරලා ආය කොහේවත් යන්නේ නෑ අම්මා...” රිදීමා මවට පොරොන්දු වූවාය.

ඔවුන් දෙදෙනාට එසේ සිටීමට මඳ වේලාවක් දුන් නදින් ද පැමිණ සිය පුංචි අම්මා වැළඳ ගත්තේය.
“දැන් ඉතින් පුංචිට හොඳටම සනීප හන්දා අපිත් එක්ක ගෙදර යන්න පුලූවන්. එහෙදි කතාබහ කරලා ඔක්කොම ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්....” ඔහු පැවසුවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සියල්ල සිත සැනසෙන අන්දමින් නිමවීම, සියල්ලන්ගේම සිතට සතුටක් විය. රිදීමාගේ පියා දන්වා එවා තිබුණේ ඔහු ළඟදීම දිවයිනට පැමිණෙන බවත්, මවත් රැගෙන වෙනම පදිංචිවන බවත්ය. රිදීමා ඔහු මුණ ගැසීමෙන් පසුව, අධ්‍යාපන කටයුතු නිමා කිරීම සඳහා ආපසු මෙල්බර්න් කරා යායුතු බවටද තිරණය විණි. යහළුවෝ, ඇය නතරකොට ආපසු යෑමට සැරසුණෝය. රිදීමා සියල්ල අවසන් කොට ආපසු එනතුරු බලා සිටීමට ඔවුහු පොරොන්දු වූහ.

“මම ඔයා එනකල් බලා ඉන්නවා.....” ඇය තනිවූ මොහොතක් බලා දිනූෂ පැවසීය. ඔවුන් හිඳ උන්නේ වත්ත
පහළ ලොවි ගහක් යටවූ ලී බංකුවේය. දිනූෂගේ ආදරණීය, අවිහිංසක මුහුණ දුටු රිදීමාගේ සිතෙහි ඇතිවූයේද ඉමහත් සෙනෙහසකි.
“මම ඔයා එනකල් බලා ඉන්නදැ’යි ඔහු ඇසුවේ නැත. ඔහුගේ දෑතට මැදිවූ තමාගේ දෑත ඔහු මුදු අයුරින්
මිරිකා ගන්නවා රිදීමාට දැනුණේය.

“මට ඕන තරම් කල් ඔයා වෙනුවෙන් බලා හිටියැකි. හදිස්සියක් නෑ....” ඔහුගේ මුහුණේ සිනාවක් නැගිණි.

“මට ඇත්ත කියන්න. ඔයා නිශ්කට ආදරේ නෑ නේද ?”

රිදීමා හිස සෙලවූවාය.

“කවදාවත්ම මම එයාට ආදරේ කරලා නෑ දිනූෂ. මම හැමදාම ආදරේ කරලා තියෙන්නේ ඔයාට විතරයි....” ඔහු නැඹුරු වී ඇගේ හිස සිප ගත්තේය.

“වැඩ ගොඩවෙලා නැත්නම් මමත් ඔයා එනකල් මෙහෙම ඉන්නවා...”

“එහෙම කරන්නෙපා. අම්මා ඔයා එනකල් බලා ඉන්නවනේ. අනෙක මටත් මගේ අම්මා එක්ක ටික දවසක් තනියම ඉන්න ඕනි. මට එයාව හම්බ උණේ ජීවිත කාලයකට පස්සේ...”

“හා... හා... දෙන්නා මොනවද රහසින් ප්ලෑන් කරන්නේ ? පැනලා යන්නවත්ද ?” අසමින් පැමිණියේ මහීකාය.

“එයාලා මොකටද පැන පැන යන්නේ මෙච්චර වාහන තියෙද්දි ? හැබෑටම මෙහෙම දවසකටවත් මෙයාට උදැල්ලක් නොදා ඉන්න බැරි හැටි....” ඇය හා එමින් සිටි අජය පැවසුවේය. “අන්න අරෙහේ අමා, නදින්ගෙන්
ලියවිල්ලක් ගන්නවා එයාවමයි බඳින්නේ කියලා. කෝ රිදීමත් එකක් ලෑස්ති කරගත්තද ? ”මහීකා ඔහුට ගුටියක් ඇන්නාය. “කට.... කට.....”

“අහිංසක මට ඉතින් දෙය්යන්නෙම පිහිටයි. මට කාගෙන්වත්, කිසිම පොරොන්දුවක් ලැබුණේ නෑ....”
දිනූෂද, රිදීමාද ඔවුන් හා එක්ව සිනාසුණෝය.

“එයා එහෙම එකක් ලේසීයෙන් දෙන එකක් නෑ..... අම්මයි, තාත්තයි දෙන්නම ලෝයර්ස්ලනේ.”

අමා හා නදින් අය්යාද එහි පැමිණියෝය. “එක කතාවක් අපි ඉවර කරන්න හදනවා වගේ.....” අමා පැවසුවාය.

“නෑ අපි තව කතාවක් පටන් ගන්නවා විතරයි....” නදින් ඇය දෙස බලා සිනාසුණේය.

“නිශ්කට කතා කරන්න යනවද ?” මහීකා රහසින් ඇසුවේ රිදීමා අසලින් හිඳගනිමිනි.

“ඔව් හෙට උදේම යනවා පිංචිත් එක්ක. මම එයාට පණිවිඩයක් ඇරියා උදෙන්ම ගඟ ළඟට එන්න කියලා...”

‘එයත් ආපහු ඒවි නේද ? ස්කොල් එක තව අවුරුදු කීපයක් ඇතිනේ ?”

“දන්නේ නෑ රිදීමා...” හිස සැලූවාය.

“වෙච්ච දේවල් ඔක්කොම කෝල් කරලා කියන්න ඕනි. දිග ඊ මේල් එවන්න ඕනි. නැත්නම් හෙම බලාගෙනයි ඔන්න....” මහීකා තරවටු කළාය.

“හරිම දුකයි රිදීමාව දාලා යන්න....” අමා පැවසුවාය. “දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ. අම්මත් ඉන්නවා. තාත්තත් එනවා, ඔක්කොටම වඩා නදින් අය්යා මං ළඟ ඉන්නවානේ...” නදින්, රිදීමා දෙස බලා සිනා
වූයේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

යහළුවන් සියල්ල නික්මගිය පසු දක්නට ලැබුණේ කුණාටුවකට පසු දැනෙන නිහඬබවකි. උදෑසන වනතුරු කෝපි බොමි න් කතාබහෙහි යෙදී සිටි නිසාදෝ කවුරු, කවුරුත් දහවල් වනතුරු නිදාගන්නා බවක්
පේන්ට තිබුණේය. උයනගේ පැත්තේ කිසිවකු නොවීය.

සීතල හිමිදිරියේ රිදීමා, පිංචිව අවදි කරවා ගත්තේ, ගං ඉවුර වෙත ගමන් කළාය. තාමත් හරිහැටි ඉර එළිය වැටී නොතිබීම නිසාදෝ තණ ගොල්ල පින්නෙන් වැසී තිබිණි. කුරුල්ලෝ එකිනෙකා අවදි වන්නට පටන් ගත්තාහ. පින්නෙන් බර වූ දියබිඳු, හැම සුළඟින් සැලී බිමට වැටුණේය. ඔහු දැකීමට පෙර, රිදීමාට ඔහුගේ මියුරු බටනලා
හඬ ඇසුණේය. ඈ මොහොතකට නතරවී, ඊට සවන්දුන්නාය.

“ඇයි සුදු බේබි ?”

ඇය අනුව යමින්, මග නතර වූ පිංචි කෙල්ල ඇසුවාය.

“ලස්සනයි පිංචියේ....” පිංචිගේ මුවද සිනහවකින් විකසිත විය.

ඔවුහු ඉක්මන් ගමනින් ගං ඉවුර වෙත ළඟා වූහ. නිශ්ක ගංතෙරෙහි වූ විශාල කුඹුක් සෙවනේ ගල්තලාවක හිඳ උන්නේය. ඔහුගේ දෑස් පියවී තිබූ අතර, ඇඟිලි තුඩු බටනලාව මත යැවෙන ආකාරය රිදීමා බලා සිටියාය. ඔහුගේ කනෙක වූ කරුබුව එදා මෙන්ම අද ද දිලූණේය.

කාලය නතර විණි. ලොවම නිසල විය. උන්නේ නිශ්ක හා ඇය පමණකි. පිංචි කොහාට වූවාදැයි රිදීමා නොදත්තාය. ඇගේ සේයාව දැනීමෙන්දෝ නිශ්ක බටනලාව තම මුවින් ඉවතට ගත්තේය.

“සුදු මැණිකේ....”

ඈ ඔහු වෙත ගමන් කොට, ගල් තලාවේ ඔහු අසලින් හිඳ ගත්තාය.

“ඔයා ඉක්මණින් ආපසු යනවද ?” ඔහු විමසීය.

“ඔව් …තාත්තා ආව හැටියේ ?” නිශ්ක මඳක් කල්පනා කළේය.

“එතකොට අපට මොකද වෙන්නේ ?”

“නිශ්ක....” ඈ හෙමිහිට තෙපළාය. “අපට මුකුත් වෙන්නේ නෑ. ඔයා ආශ‍්‍රය කරලා තියෙන්නේ මගේ අක්කව...”

නිශ්ක මුවින් නොබැන බලා උන්නේය. “එයා මගේ නිවුන් සහෝදරී. ඔයා එක්ක නැටුම් කළේ එයා. ඔයාට ආදරේ කළේ එයා. එදා එයා කියලා ඔයා බේරලා තියෙන්නේ මාව. මගේ අක්කව නෙමේ....”

ඔහු කිසිත් නොදොඩා තාමත් බලා සිටියේ ඇය දෙසය.

“මට සමාවෙන්න නිශ්ක. මම රිදීමා… මම ඔයාගේ රෙහානා නෙමේ...”

නිශ්ක එක එල්ලේ ඇගේ දෑස දෙස බැලූවේය.

“කවුද එහෙම කියන්නේ ?” ඔහු ඇසීය. ”ඔයා රෙහානා. ඔයා රිදීමා නෙමෙයි.” ඊළඟට පැවසීය.

ඉවරයි.

24 comments:

  1. හැම අචසානයක්ම තවත් දෙයක ආරම්බයක් තමයි.

    අද අවසාන කතාංගයට දාලා තියෙන මාතෘකාවෙන් කියවෙන්නේ කතුවරී "අඳුන් සිහින -2" මීලඟට ලියන බවද?

    මේ පොත මුද්‍රණය කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. මේකේ දෙවෙනි කොටසක් ලියන්න බලාපොරොත්තුවක් නෑ. මුද්‍රනය කරන්න නම් බලාපොරොත්තුවක් තියෙනවා. පොත් කීපයක් මුද්‍රනය කරපු කතුවරයෙක් හැටියට කතන්දර මහත්තයගේ අවවාද තමා අවශ්‍යවෙන්නේ.

      Delete
  2. හොඳ අවසානයක්.. තව කතාවක් කියවන්න ලබෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ලියන්න තමා කම්මැලි චන්දන:)

      Delete
  3. නවතා තබන හැටියෙන් දෙවන කොටසක් තියෙන්නම ඕන. නැතිනම් අපට හිතාගන්න වෙනවා.. සුපිරි බ්ලොග් තරුවගේ ඉල්ලිමත් ඉතා හොද එකක්.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉවර කලේ අපේ ජීවිතේ කතා හැම එකකමත් අවසානයක් නැති හන්දා. දෙවන කොටසක් ඇති. ඒ මම නම් කියන්න යන්නේ නෑ ඒ කොටස.

      මුද්‍රනයට කලින් තව ගොඩක් වැඩ තියනවා මගෙ හිතේ. ඒ සඳහා ඔබ හැමගේ සහයෝගය ඕනේ. මුලින්ම කතාවේ දුර්වල තැන් කියාදීමෙන්. ඊලඟට එකතු කරන්න පුලුවන් තැන් ගැන දැනුවත් කිරීමෙන්.:)

      Delete
  4. අනේ ඉවරද??
    ඔය නිෂ්ක කියන කෙනාට මම කිව්වා කියල කියන්න නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියල :-D
    ඊළඟට අර කාල තරණය කල කෙනා ගැන කතාව දාන්න කියල ඉල්ලීමක් කරනවා..

    ReplyDelete
    Replies
    1. නිෂ්කට පණිවිඩේ දුන්නා ඔන්න. ඒත් එයා කීවේ එයා නම් ආදරේ හන්දා කැපකිරීමක් කරන්න කැමතියි කියලා. අනෙක මොනදේ උණත් කරලා බලලා , තමන් විහින් ඒ අත්දැකීම ගන්න ඕනේ බව තමා එයා කීවේ. ආදරේ සුන්දරයිලු. මාත් ඉතින් එයා එක්ක එකඟ වෙනවා.:D

      පොඩ්ඩක් වැඩ වැඩී මේ දවස්වල. ඉඩක් ලැබුනු ගමන් ඒ කතාව පල කරනවා අඟහරුවෝ.

      Delete
  5. මගදි කියවන්න ගත්ත කතාවක් ආයෙම මුල ඉදන් මම ආසාවෙන් කියවපු වාර ගාන හරිම අඩුයි.. මේ කතාව අන්න ඒ කීපය අතරට යනවා.. ඇත්තටම කතාව හුඟක් ලස්සනයි..

    හැම අවසානයකම තවත් ආරම්භයක් තියෙනවා කියනවනේ.. අපි බලමු..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ට ගොඩක් ස්තුතියි. මේ වගේ දිරිගැන්වීම් හන්දා තමයි ලියන්න කියලා හිතෙන්නේ.

      Delete
  6. අවසානය හොඳයි කියල හිතෙනව... ඒත් තවත් කොටසක් තියෙන බවටත් එයින්ම ඉඟි කරල තියෙනව නේද..?
    ඔයාගෙ මීලඟ කතාවත් කියවන්න අපි ආසාවෙන් බලන් ඉන්නව කතුවරී... :)

    ReplyDelete
    Replies
    1. නිමේෂටත් ස්තුතියි අවසානය දක්වා රැඳී හිටියට. එක දිගට පල කරන්න පුලුවන් වෙනකල් පොඩ්ඩක් ඉන්න හිතුවා. නැත්නම් බලන අයට අසාධාරණයක් වෙනවනේ.:)

      Delete
  7. හප්පා.. ඔන්න අද කමෙන්ට් එකක් දානවා ඈ... මෙච්චර දවස් කියෙව්වා විතරයි... නෝ කමෙන්ට්ස් නේ... හි හි...

    මම නම් හිතෙන්නේ මේක ප්‍රින්ට් කරන්න ඉක්මණ් වෙන්න එපා කියලා තමා .. තව ලියන්න... ඔයා අල්ලගෙන යන විදියට මට හිතෙනවා ඉස්සරහට ඔයා අතින් ඉතාම සාර්ථක නවකතාවක් ලියවෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. හිරුගෙන් හොඳ අවවාදයක්! කතාවේ ගොඩක් අඩුපාඩුකම් තියෙන බව මටත් පේනවා. ඒවා පොඩ්ඩක් කියලා දුන්නානම් තමා හොඳ. කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි.

      Delete
  8. හැමදාම කියවන්න ආවත් අන්තිම දවසේ ස්තුති නොකර යන්නේ කොහොමද?

    කාලය මහන්සිය යොදවලා මේ කතාව ලියපු එක ගැන ගොඩක් ස්තුතියි..ඉවර කරලා තියන විදිහ වෙනස්...
    කතාවේ සැකිල්ල තවත් ටිකක් දියුණු කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා..

    පොතක් විදිහට මුද්‍රණය කරනවා නම් අනිවාර්යෙන්ම තව දෙබස් සිදුවීම් සහ වර්ණනා ඇතුල් වෙනවා නම් හොඳයි..

    සාම්ප්‍රදායික ප්‍රේම කතාවකට වැඩි දෙයක් තිළිණ කලාට ගොඩක් ස්තුතියි ආයෙත්..දිගටම ලියන්න..අපි එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. රූට ගොඩක් ස්තුතියි. සැකිල්ල දියුණු කරන්න අදහස් ටිකක් එකතු කරන්න බැරිද? මෙන්න මේ තැන්වල තව කරුණු එකතු උණානම් හොඳයි වගේ. කතාව පහු වෙනකොට පල්ලමක ගියා වගේ වේගයෙන් ඇදිලා ගියා කියලා මටත් දැනුනා. රූගේ අදහස් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      Delete
  9. https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි. ලස්සන කාර්ඩ් එක. ඔබ හැමටත් සුබ වෙසඟක් වේවා!!!

      Delete
  10. අනේ... දුකයිනේ,,,
    නිශ්ක පව්...

    තව මේ වගේ එකක් ලියමු.. හොල්මනක් ගැන :)

    ReplyDelete
    Replies
    1. :D:D:D යසිත් හොල්මන්වලට ආසද?

      මේ දවස් ටිකේ ටිකක් කම්මැලිවෙලා ඉන්නවා. කවුරුත් තාම කතාව හදාගන්න හැටි මට කියලා දුන්නේ නෑනේ. මම එතකල් මෙතනට වෙලා බලා ඉන්නවා.

      Delete
  11. රෝලේ එකක් අප්ඩේට් වෙලා තිබුනා මේ ඒක නෙමෙයි නේ...

    ReplyDelete
  12. තාම කතාවක් හොයාගත්තෙ නැද්ද ? බ්ලොග් ලියපු යාළුවො එකෙක්වත් නෑ දැන්.. :'(
    එපා වෙනවා

    ReplyDelete
  13. කතාව සම්පූර්ණයෙන් කියෙව්වා කතාව ගොඩනගුනු විදියට රිදීමට නිවුන් සොහොයුරියක් ඉන්න එක කොහොමටට්වත් වෙන්න බෑ... ඒ කියන්නේ රෙහානා කියන්නෙත් රිදීමමයි. කතාවෙ විදියට හිතන්න තියෙන්න් එයාට අතීතේ අමතක වෙලා කියලා. අම්මලා බොරු කීම හිතාගන්න පුළුවන් ඒත් අයියගේ හැසිරීම ගමේ මිනිස්සුන්ගේ හැසිරීම විශ්වාස කරන්න බෑ

    ReplyDelete
  14. මමත් නවකතාවක් ලියන්න ගත්තා... පුළුවන් නම් ඇවිත් හොඳ නරක කියලා යන්න
    http://nimmnaya.blogspot.com/

    ReplyDelete

ඔබේ අදහස් මම ඉතා අගේ කොට සලකමි.
I greatly value your feedback.