
අඳුන් සිහින පහළොස්වැනි කොටස
රිදීමා රන් වළලූ පැළඳ ගන්නවා අමාද, මහීකාද බලා උන්නෝය. රිදීමාගේ දෙනත කාන්තිමත් වූ අතර දෙතොලෙහි වූයේ මද සිනහවකි. ”මට බඩුවක් මතක් උණා.....” ඈ කුඩා දැරියක් මෙන්, අමා අසලින් ඇඳෙහි හිඳගත්තාය.
“මොකක්ද ඔය බඩුව ?” ඇසුවේ මහීකාය.
“ඒක තියෙන්නේ සොල්දරේ......” රිදීමාගේ දෑස තවත් දීප්තිමත් වෙනු අමා දුටුවාය.
“කියන්න බැරි බඩුවක්ද ?” මහීකා යළිත් ඇසුවාය. “පෙන්නන්න පුලුවන් බඩුවක්. එන්න යමු...” රිදීමා, අමාගේ අතින් අදිමින් පැවසුවේ දඟකාරවය. ඔවුන්ගේ විමතියට පත්වූ මුහුණු දුටු ඈ හඬනගා සිනාසුනාය.
“එයා හැමතිස්සෙම හරිම දඟයි....” යෙහෙළියෝ එකිනෙකා දෙස බලාගත්තෝය.
රිදීමා දබරැගිල්ල තම දෙතොල මත තැබුවාය. “ෂ්…සද්ද කරන්න එපා. අම්මට ඇහුණොත් කරදරයි......”
රිදීමා හෙමිහිට කාමරයේ දොර රෙද්ද මෑත් කළාය. ලොකු මැණිකේ හෝ සුබේ මැද සාලයෙහි දක්නට නොවූහ. කෙටි බිත්තියකින් වටවුණු ආලින්දයේ සිටි යහලුවන්ගේ කතාබහ ඇයට නොපැහැදිලි ලෙසින් ඇසුණේය. “එන්න.......” රිදීමා හැරී අමාට හා මහීකාට හිසින් සංඥා කළාය.
“මේ පෙට්ටිය ?” ඇසුවේ අමාය.
“ ඕක වහලා ඇඳ යටට තල්ලූ කරන්න.......” මහීකා වහා නැවී, පෙට්ටියෙහි පියන වසා, එය ඇඳ යටට තල්ලූ කළාය. යෙහෙළියෝ සෙමින් රිදීමා පිටුපස වැටුණාහ. ඔවුන්ගේ ‘කිචි, බිචිය’ ඇසුණු අජය, ගෙතුලට කරපොවා බැලූවේය. “ගෑනු ලමයි ටික හොර ගමනක් යනවා වගේ.....” රිදීමා පස්ස නොබැලූවාය. මහීකා පසුබසිනු දුටු අමා, ඇගේ සුරතින් ඇද්දාය.
“ඉක්මණින් යමු. නැත්නම් අපට අර කෙල්ල මග ඇරෙයි....”
“මොකක්ද ප්රශ්නේ ?” තාමත් ගෙතුල දෙසට කර පොවා සිටි අජයගෙන් දිනූෂ විමසීය.
“ගෑනු ළමයින්ගේ මොකක් හරි හොරයක්... අපට නොකියම සද්ද නැතිව දුවලා ගියේ ”
නදින් අය්යාගේ මුහුණ සුදුමැලිව යනු, අජය දුටුවේය. “ඇයි නදින් අය්යා ?” “මුකුත් නැහැ අජය. අපේ නංගිට නිකන් ඉන්නම බැහැනේ. ඒ පාර මොන ලෙඩක් දාගන්න හදනවද දන්නෑ අප්පච්චිත් ගෙදර නැති වෙලේ.......”
⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
සිය කාමරයේ, උඩවියන් සහිත ඇඳෙහි හාන්සිව සිටි ලොකු මැණිකේට, රිදීමා සාලය හරහා නිවසෙහි වම්පසින්වූ තරප්පිය වෙත දිවයනවා ඇසුණේය. තීව්ර වූ හිසරදය දරාගත නොහැකිවූයෙන්, ඈ හිස දෑතින්ම බදා ගත්තාය. “සුබේ......... සුබේ...” ඈ කෙඳිරි ගෑවාය.
“අපෙ මැණිකේ ?” සුබේ කාමරයට පැමිණියේ තවත් විනාඩි ගණනක් ප්රමාදවෙලාය.
“ඇයි මැණිකේ ? ඉසේරදේ වැඞීවත්ද ?” ඈ ලොකු මැණිකේගේ නළල මත තම පිටි අත්ල තබා බැලූවාය.
“සී වරන් දෙය්යනේ ! තදින්ම රස්නෙයි නොවැ... ! දොස්තර හාමුට එන්න කියන්නද ?”
“එපා....” ලොකු මැණිකේ කෙඳිරි ගෑවාය. “මට ඔය බේත්පෙති බෝතලේ දීපන් වතුර
වීදුරුවක් එක්ක.....” සුබේ, ලොකු මැණිකේගේ කොට්ටා හරිබරි ගස්සා, ඇයව ඇඳ විට්ටමට හේත්තු කළාය. ඊළඟට බෙහෙත්පෙති හා වතුර වීදුරුවද දුන්නාය.
“අපේ මැණිකෙගෙ ප්රෙසර් නැගලා වගේ.....”
“උඹ කටවහගෙන ඉඳින් තව ටිකකින් මේ ඉසේ ඇම්ම බැහැලා යයි....” ලොකු මැණිනේ දෑස් විවර කළාය. “බලපන් සුදු බේබි මොකාටද එන්න හදන්නේ කියලා. බලාගෙන යනකොට මේ දැරිවිත් අරවගේම නොවැ. කියන දේ නාහන ගුරු ගැන ඔය කතාවකුත් තියෙන්නේ...”
සුබේ සිය අත්ල, නිකට මත තබා ගත්තාය. “මේ නෝන, මහත්තැන් ටික මෙතැන නොපිරුණා නම් සුදු බේබි මේ විදියට වෙනස්වෙන්නේ නෑ....”
“කමක් නෑ...... වෙන දෙයක් වෙද්දාවේ. එයාට තේරෙන්නෙ නෑ අපි හැමදේම කරන්නේ එයාගේ හොඳට බව. කවදාහරි තේරුම්ගන්නේ නැතෑ..... උඹ ගිහින් කෑම ටික හදහන්. සිරියාවතී ආවද උදව්වට ?”
“ඔව් මැණිකේ. ඔය ඇවිත් ඉන්නේ....”
“හොඳට කෑම ටිකක් හදලා ගනින්. අර පිට ළමයිනුත්ඉන්නවනේ....”
“පුහ්....” සුබේ පැවසුවේ හොඳ හිතකින් නොවේ. වැඩපොළ වැඩිවූවාට, ඇගේ හිතේ අමනාපයක් නැත. අමනාපයක් ඇත්තේ, ඔවුන් සුදු බේබිට පාඩුවේ ඉන්න නොදෙනා එකය.
“පලයන් කීවම අහලා......” ඇය පැකිලෙනු දුටු ලොකු මැණිකේ පැවුසුවාය. “හවස් වෙන්නට කලින් බණ්ඩාර අප්පොත් එයි.” බණ්ඩාර අප්පොගේ නම ඇසෙත්ම, සුබේ වහා කාමරයෙන් පිටවූවාය. ඔහුගේ කටට, අනෙක් අය මෙන් ඈද බියවූ නිසාය.
⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
රිදීමා නැග්ගේ, උස්, හීනී තරප්පු පේළියකි.
“මේ කොහෙද මෙයා අපිව ගෙනියන්නේ ?” සිතට නැගුණද, අමා එම ප්රශ්ණය නෑසුවාය.
“කකුලක් වැරදිලා හරි ලෙස්සුවොත් ඔක්කොම ඉවරයි.......” මහීකා කෙඳිරි ගෑවාය.
“උඹ අපිව මේ ගෙනියන්නේ එක්ටැම් ගේකටද ? ඈ විමසුවාය. රිදීමා පසුපස බලා සිනාවක් පෑවාය. අමාට පෙනීගියේ , ඇය සම්පූර්ණයෙන් වෙනස් වූ ලෙසකිනි. “අපට තිබුණේ අජයයි, දිනූෂයි අඬගහගන එන්න...” ඈ රහසින් පැවසුවාය. “මට රිදීමාගේ හැසිරීම අල්ලන්නේ නෑ.....”
“එයාලට අපි කෑගැහැව්වොත් ඇහෙයිද ?” මහීකා පහත් හඬින් ඇසුවාය.
“මම දන්නේ නෑ...”
“ඔය දෙන්නා බොරුවට බයවෙලා රහස් කතා කරන්න එපා. මට මුකුත් වෙලා නෑ....” ඉදිරියෙන් යන රිදීමා පැවසුවාය. “මට මතක් උණා මගේ මැරුණු අතීතයේ කොටසක් ! මට හරි සතුටුයි. ඒ ඇත්තද බලන්නයි මම මේ යන්නේ.”
“ඒ ටික අපට කීවා නම් බලන්න.” මහීකා කීවාය.
“ඒක ඇස්දෙකෙන්ම දකින එක තමා වැඩියෙන් හොඳ.” රිදීමා පැවසුවාය. “මටත් හිතාගන්න බෑ ඒ ටික ආයම මගේ ඇස් දෙකෙන් දකිනකල්. ඒ හන්දයි ඉක්මනට දුවන්නේ....”
“මේ පඩි පෙලේ නම් ඉක්මනට නොදීවට කාරි නෑ...” අමා පැවසුවාය. “කකුල් කඩා බිඳගන්නේ නැතිව පරිස්සමින් යමු.......”
තරප්පිය අවසාන වන තැන වූයේ පියන් දෙකේ මහදොරකි. එයට ඉබ්බෙක් දමා උන්නේය.
“ඔන්න මහීකාට තවත් වැඩ....” අමා සිනාවක් පෑවාය.
“සිම්පල්” මෙවර මහීකා අතට ගත්තේ කොන්ඩා කූරකි. “ඔන්න බලාගන්න මගේ වැඩ....” ඇය ඉබ්බා විවර කරනු දුටු රිදීමාට මෙන්ම අමාටද සිනහ පහළවිණි. මහීකා වැඩය අහවර කොට දෑත් පිසදා ගත්තාය. “දැන් මම දන්නවා මාව ගෙන්න ගත්තේ ඇයි
කියලා.”
රිදීමා ඉබ්බා ගලවා දොර විවර කිරීමට තැත් කළාය. කාලයක් වසා තිබූ බැවින් දෝ එය විවර කරගත හැකිවූයේ, ඔවුන් සියලූදෙනාම එක්ව එය දෙතුන්වරක් තල්ලූ කිරීමෙන් පසුවය.
“අප්පා දූවිලි.....” මහීකා නැහැය අතින් වසා ගත්තාය. “මට හුස්ම ගන්නත් බැහැ....”
“ඊට හපන් මකුලූ දැල්.....” අමා තමාගේ මුහුණෙහි හැපුනු තඩි මකුලූ දැලක් ගලවමින් කීවාය. රිදීමා වටපිට බලනු ඔවුනට පෙනිණි.
“මේක ටිකක් සුද්ද බුද්ද කරලා හිටියොත් හොඳ නැද්ද ?” මහීකා විමසුවාය. “නැත්නම් මුකුත් හොයාගන්න එක බොරු....”
“පිංචි කෙල්ලට කතා කරමුද ?” අමා ඇසුවාය.
“ඒක නම් හොඳ අදහස....” රිදීමා එකඟ වූවාය.
ඈ පහලට නැමී, තරප්පි වැටට දෙතුන්වරක් තට්ටු කළාය. තරප්පියට යටින්, සුදුමැලි මුහුණක් එබිකම් කරනු පෙනිණි. රිදීමා, පිංචි කෙල්ලට උඩට එන්නැයි අතින් සන් කළාය.
“මාර ඩිටෙක්ටිව් වැඩ තමා තිබිලා තියෙන්නේ !” මහීකා තමාටම කියා ගත්තාය.
“ ඕක ඉස්සර කාලේ ඉඳන් කරපු දෙයක් වෙන්න ඕනි.....”
පිංචි කෙල්ල උඩට දුව ආවේ පිම්මට දෙකටය. “හොඳ ප්රැක්ටිස් එකකුත් තියනවා පිංචිට” මහීකා, පිංචිගේ පිටට පහරක් ගසමින් කීවාය. පිංචි ඇස් ලොකු කරගත්තාය.
“හා ! හා ! ගනින් අර මුල්ලේ තියෙක කොස්ස. මේක පොඩ්ඩක් පිහදලා දාපං” අමා විධානය කළාය.
පිංචි කෙල්ල විනාඩියට, දෙකට දූවිලි ටික මුල්ලකට තල්ලූ කළාය. ගවොමට උඩින් හැඳ සිටි චීත්ත කෑල්ලෙන් මකුලූ දැල් හා පොඩි පහේ සටනක් ද කළාය.
“අර තියෙන්නේ....” රිදීමා කොනක වූ පෙට්ටගමක් පෙන්වූවාය. කුඩා වා කවුලුවක් අද්දරට වෙන්නට එය තල්ලූ කොට තිබුණේය.
“අර ජනේලය ඇරලා දාපං පිංචි...” අමා කුඩා කවුලු දෙකතුනක්ම පිංචිට පෙන්වූවාය. පිංචි විවර කළ කවුලූ තුලින්, මල් සුවඳ මිශ්රිත සිහින් සුලං පොදක් ඇතුලට ගලා ආවේය. යාන්තම් හුස්ම ගැනීමට හැකිවූවාක් මෙන් මහීකාට දැනිණි.
රිදීමා පෙට්ටගම ඉදිරියෙන් දණ ගසා ගත්තාය. එහි ඇදුණු යෙහෙළියෝ මාරුවෙන් මාරුවට රිදීමා දෙසද, පෙට්ටගම දෙසද බැලූවෝය. පිංචිද හෙමිහිට ඒ වෙත ලංවූවාය. ඇගේ දෑසේ ප්රමාණය දුටු මහීකාට බියක්ද දැනුණේය. “මොනවද යෝදියේ ඔච්චර ඇස් පළල් කරගන බලන්නේ ?”
පිංචි කෙල්ලගේ සුරත දිගු වූයේ බිත්තියෙහිවූ පින්තූරයක් වෙතටය. යෙහෙළියෝ ඒ දෙස බැලූවාහ. මහීකාට උඩට ගත් හුස්ම පහළට දාගත නොහැකි වූයේය.
“මේ ඉන්නේ සුදුමැණිකේ !” පිංචි කීවාය.
අඳුන් සිහින දහසයවැනි කොටසින් නැවත හමුවෙමු.
කතුවරියක් ඉන්න එක මාරයි ඈ... ඇත්තටම කියන්නේ... ජය වේවා... මෙතැන මොකක් හරි දෙබිඩි කතාවක් තියේ වගේ පේන්නේ...
ReplyDeleteදේශකයෙක් ඉන්න එකත් කොච්චර දෙයක්ද? ස්තුතියි දේශකයට.:)
Deleteමොකක් හරි බරපතල දෙයක් වෙලා තියනවා වගේ.. පෙට්ටගම අස්සේ ඇටසැකිල්ලක් වත් තිබුනොත් තමයි කට්ටියට දුවන්න පාර මදි වෙන්නේ. :)
ReplyDeleteමට කට්ටිය දුවන හැටි මැවිලා පේනවා. ඉස්සරහින්ම ඉන්නේ චන්දන.:D
DeleteChandanata mathak una ekamayi matath mathak une :-)
ReplyDeleteMama hithanne methana niwunnu dennek innawa ekko. Naththam Rideema wathurata watunama okkoma amathaka wela kampaneta. Gedara aya kamathi na eyata e mathake aapahu denna. Wadaathma hithanna puluwan ekayi..
"Hithata aa upakalpana walin saakshi samaga nogalapena ho praayogikawa wiya nohaki siyalla ayin kala wita, ketharam wiya nohaki yayi penunath pilithura ema awasaanaye ithiri woo kalpithayayi.."
-Sherlock Holmes-
දැන් ඉතින් ඔයා ශාක්ෂි සමග නොගැලපෙන, ප්රායෝගික විය නොහැකි සියල්ල හරියටම අයින් කලාද?:)
Deleteදෑන් නම් මේක කියවන්න කියවන්න ආස හිතෙනව.. ඈත්තමයි... ඊලඟ කොටසත් ඉක්මනටම දාන්න කතුවරී... :)
ReplyDeleteඉක්මනට දාන්නම් නිමේශා.
Deleteකතාකරණයේ ඔබ සතු සමත්කම් මැනවින් පෙන්වමින් දැන් ඔබ කතාව නිර්මාණය කරමින් යනවා කතුවරියේ...
ReplyDeleteස්තුතියි නලීන්.
Deleteටොයිංංංංං වෙලා යන්නම ලියලා තියෙනවා ඈ...ගති!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ කීවේ කතාව උඩ යනවා වගේද? :D
Deleteසුදු මැණිකෙත් රිදීමා වගේම වෙන්න ඇති...
ReplyDeleteමට අර කොන්ඩ කට්ටෙන් ඉබ්බො අරින හැටි කියල දෙනකෝ
මම මහීකාගෙන් අහලම කියන්නම් නේද? එයාට ඇවිත්ම පෙන්නන්න වෙයිද දන්නෙත් නෑ.:)
Deleteඔන්න සිරා කොලුවත් මේ පැත්තට ආවා. කොටස් 15 ක්ම පළවෙලා අවසන් නොවැ. වෙලාව ලැබෙන පරිසි ඒවා කියවන්න උත්සාහ කරන්නම්. ඔබේ උත්සාහය මහත් සේ අගය කරමි. ජය !
ReplyDeleteඔන්න සිරාවත් සාදරෙන් පිලිගත්තා. කියවන්න ලේසි කතාවක්. වෙලා තියෙන විදියකට ඉතින් කියවලා බලන්නකෝ.
Deleteහොල්මන් කතාවකුත් නෙවෙයි , මාරක කතාවකුත් නෙවෙයි අනේ මන්ද මට නම් දැන් ටිකක් බයයි වගේ . ඒ උනාට හරිම ලස්සන කතාවක් :)
ReplyDeleteසරණි කාලෙකින්. හොල්මන් කතාවක් වගේද ? හැබැයි හොල්මන් කතාවක් නම් නෙමෙයි.
DeleteAda dina dhaawanaya weemata thibu "Andun Sihina" dumriya boho welaawak pramaada wee dhaawanaya wana bawa karunaawen salakanna....
ReplyDeleteකලින් දුම් රිය තාම මග යන හන්දා අනෙක් එක ටිකක් පමාවෙලා යවන්ට සිද්ධවෙනවා අඟහරු.:D
Deleteදැන් නම් කතාවේ ඊලග කොටස ලියනකම් ඉවසුමක් නෑ වගේ.. ඉක්මනට ලියමු..
ReplyDeleteඉක්මනටම දාන්නම්.:)
Deleteකෝ අප්පා තවම නෑනේ?? ඔය දුම්රිය අදින්නේ අස්වයෝ දාලද?? ඊයේ කොටස තවම නෑ??
ReplyDeleteපොඩ්ඩක් ඉන්නකෝ...උදෙන්ම දාන්නම් :)
Delete