අඳුන් සිහින දහහත්වැනි කොටස
සියල්ලෝම කෑම මේසය වටා වාඩිවී උන්නෝය.මේසය පුරා තැනින්
තැන දක්නට ලැබුණේ, ඔවුන් විසින්
හිස්කරනා ලද තේ කෝප්පය. මැණිකා විසින් හවස කපා පිළියෙල කරන ලද වැලිතලප පීරිසියේ
ඉතිරිවූ කැට දෙක තුනය. ලොකු පලඟානෙහි ඉතිරිවූ පුවාලි කෙසෙල්ගෙඩිය. ‘එයද එක්තරා
විදියක සටනක්’ මහීකා
සිතුවාය.
“දැන් අපි බහිමු කතාවට....” නදින් අය්යා පැවසීය. හැමෝම තම අවධානය ඔහු වෙත යොමු කළෝය.
තමාගේ හද ගැහෙනු රිදීමාට ඇසිණි. ඈ මොහොතකට දෑස් පියාගත්තාය. නදින් තම සුරත යවා, තමා අසල ඉඳ උන් නැගෙණියගේ සුරත තදින් අල්වා ගත්තේය.
“රිදීමා....”
ඇය සෙමෙන් ඇස් ඇර ඔහු දෙස බැලූවාය.
‘මම අද මෙතන මොන කතාව කීවත් ඔයා මගේම නංගි බව ත්තපරයකටවත්
අමතක කරන්න එපා හොඳේ.”
රිදීමාගේ මව තම නෙතට නැඟුණු කඳුළක් පිස දැමුවාය. මහීකා
බිම බලාගත්තාය. අමාගේ නෙත් නම් නදින් වෙතින් මොහොතකටවත් ඉවත් වූයේ නැත.
“රිදීමා මගේ පුංචි අම්මගේ දුවෙක් !...” හෙණ ගෙඩි හත, අටක් හිසට පාත්වෙන දැනුනත්, රිදීමාට සිතුණේ තමා මෙය හැමදාම දැනසිටියා නොවේදැයි කියාය. අම්මා වඩා ආදරය
කළේ අය්යාටය. ඇය රිදීමාට කළ ආදරයේ ‘අඩුවක් ’
තිබුණා නොවේ. එහෙත් යම් වෙනසක් තිබුණේය. ඇය නිතරම රදීමා
දෙස බැලූවේ ශෝකයකිනි. එක්තරා අන්දමක පසුතැවිල්ලකිණි.
“අපි ඒ කාලේ කොළඹ පදිංචි වෙලා හිටියේ මෙහේ හිටියේ අපේ මහ
උදවිය...”
අම්මාගේ හඬ බිඳෙනවා රිදීමාට ඇසුණේය. “මගේ නංගි ඉගෙනගත්තේ කොළඹ. එයා හරිම ලස්සනයි. දඟයි.
අප්පච්චිගේ ඇස්දෙක උණේ නංගියි...” අම්මා තවත් කඳුළක් පිස දැමුවාය.
අප්පච්චී වචනයක් නොදෙඩුවේය.
“විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙ නොගැලපෙන සම්බන්ධෙකට නංගි පැටලුණා.
අප්පච්චී එකපයින් ම කියා හිටියේ,
කෑලී කැපුවත් නංගිට ඒ මනුස්සයා එක්ක යන්න දෙන්නෙ නෑ
කියලයි. ඒත් නංගිව නවත්තන්න කාටත් බැරි උණා. ඒ දෙන්නා හොරෙන්ම කසාද බැන්දා....”
“මම මුලින්ම කීවා ගෙදර අයගේ කැමැත්තෙන් ඕක පිළිවෙළක් කරන්න
කියලා. ගෑනියෙක් බඩදරු උණාට පස්සෙ අහවල්
දෙයක් කරන්ටද ?”
අප්පච්චී පැවසුවේ හැඟීම් විරහිත අයකු ලෙසය.
“ඊට පස්සෙදිවත්, අපි කොච්චර කීවත් අප්පච්චී ඇහුවේ නෑ. අර කොල්ලා රට දාලා ගියා. අප්පච්චි මිය
ඇදුණා...”
කිසිවෙක් කතා නොකළෝය. “නගා දරු දෙන්නෙක් එක්ක තනිවෙච්චි. එයාට හිටියේ නිඹුල්ලූ” රෙහානාගේ සිනහව, රිදීමාගේ මනසෙහි ඇඳී, නොපෙනී ගියේය.
“දෙන්නගෙන් බාල දැරිවි මොකක් නමුත් මොළේ අමාරුවක් තිබුණා.
පස්සේ,
අපි ඒ දැරිවිත් අරගෙන ගමට ආවා...” අප්පච්චී පැවසීය. මෙතරම් තද හිතක් ඇතැයි තමා සිතූ
අප්පච්චී එබන්දක් කරායැයි රිදීමාට අදහාගත නොහැකි වූයේය.
“නංගිටත් ඒ වගේම ප්‍රශ්නයක් තිබුණා. මහත්තයා රට ගියාට
පස්සේ එයාටත් ලෙඬේ වැඩි උණා. රිදීමා නුවර කොන්වන්ට් එකට දාන්න අපි තීරණය කළේ
එතකොටයි. ඉඳහිට නිවාඩුවකට ඇරෙන්න දුව අපේ ගෙදර වැඩිපුර ආවේ නෑ....”
අම්මා හිස ඔසවා රිදීමා දෙස බැලූවාය.
“මම දන්නවා මේ මුකුත් ඔයාට මතක නැත බව. ඔයා පුංචි සංදියේ
ඉඳන් අම්මයි,
අප්පච්චීයි කීවේ අපි දෙන්නට. ඔයාගේ අම්මට ඔයා කීවේ
පුංචි....”
අම්මාගේ දෙනෙතින් ‘සට, සට’
ගා කඳුලූ කඩා හැලූණේය. අප්පච්චීද වහා මුහුණ පසෙකට හරවා
ගත්තේය.
නිහඬව සිටි නදින් කතාව පටන් ගත්තේය. “රෙහානා හැම තිස්සේම පෙන්නුම් කළේ එයා, ඔයා කියලයි. එයා ඉගෙන ගන්න දක්ෂ උණේ නෑ. ආශා කළේ නැටුමට
විතරයි...”
ගෙජ්ජි සැලෙන හඬද, රෙහානාගේ ගීතමය සිනා හඬද, රිදීමාට ඇසී, නෑසි ගියේය. නදින් අය්යා රිදීමා දෙස බැලීය. “නිශ්කට ඔය දෙන්නා පැටලූණේ ඒකයි.” දිනූෂට සුසුමක් හෙළිනි. එය සැනසුම් සුසුමකැයි රිදීමා සිතුවාය.
නිශ්ක කෙරෙහි තදබල බැඳීමක් ඇය තුළ කවදාවත් නොතිබුණේය. වූයේ කිසියම් අන්දමක
සෙනෙහසක් පමණෙකි.
“මේ සිද්ධිය උණේ රිදීමා ගමට ආපු වෙලාක. ගමේ මිනිස්සු
කොහොමටත් මේ දෙන්නා පටලවාගෙනයි තිබුණේ.”
“සුදු මැණිකේ අද නැටුම් පංතියට යන්නේ නැතැයි...” ගැමි ගැහැනියක අසනවා රිදීමාට මතක් විය.
“මොන නැටුම් ද ?”
“ඇයි අර හැමදාම වගේ හවසට නැටුම් ගුරුන්නාන්සෙගෙ ගෙදර ගොහුන්
ඉගෙන ගන්නේ....”
ගැහැනිය දත්නැති කටඅයා හිනැහුනාය.
“රෙහානා, නිශ්ක එක්ක පැටලූණේ ඔය නැටුම් පංති යන්න ගිහින්.” අප්පච්චීගේ හඩෙහි වූයේ කෝපයකි. “මේ ළමයගේ තත්වය දැනගනත්, නැටුම්කාරයා තමාගේ පුතාට අවවාද කළේ නෑ. මම හිතන්නේ අදටත් අවවාද කරලා නැතිව
ඇති...”
“නිශ්ක කියන්නේ අවවාද අහන මිනිහෙක් නෙමේ.” නදින් අය්යා පැවසුවේය. එයා මහා හිතුවක්කාර, පණ්ඩිත මිනිහෙක්. ඒත් මිනිහා රෙහානට පණ ඇරගෙන ආදරේ කළා.
හැබැයි රිදීමයි රෙහානයි දෙන්නෙක් කියලා මිනිහා දැනගෙන හිටියද මම දන්නේ නෑ.”
“නිශ්ක ඉස්කෝලේ ගියේ කොහෙද ?” අජය ඇසුවේය.
“මිනිහා ඉස්කෝලේ ගියේ නුවර නෑයෙකුගෙ ගෙදර ඉඳන්. ඒත් හැම
නිතරම උන්නේ ගමේ...” නදින් මොහොතකට
නිශ්ශබ්ද වූයේය. “ඒ මූසල සිද්ධිය
උණේ ඔය කියනා නිවාඩුවෙදීයි. ? දිගටම මොර සූරන වැස්සක් වැස්සා. ගඟ පිටාර ගැලූවා. පිංචි තමා උදේම නැගිටලා
රෙහානා නැති බව දැනගෙන රිදීමත් එක්ක ගං ඉවුරට ගිහින් තිබුණේ !”
මේ කිසිවක් පිංචි කෙල්ල තමාට නොකීවේ මන්දැයි රිදීමා
කල්පනා කළාය. තමාගේ මනසේ මැවුණු දෙබස සිදුවූයේ රෙහානා හා නිශ්ක අතර නොවේද ? තමා සිතුවේ ඒ දෙබස වූයේ තමා හා නිශ්ක අතර කියා නේද ? රිදීමා මේසය මත හිස ගසාගත්තාය. රෙහානා වතුරට වැටෙනු, තමා කෑගසනු හා මහා ජල කඳ මැදට වැටී ගසාගෙන යනු ඇගේ මතකය
පුරා දිව යන්නට විය. තමාගේ කෑගෑම නිසා ඒ දෙසට පීනා ආ නිශ්ක රෙහානා වෙනුවට බේරාගත්තේ තමා නොවේද ? අහිංසක රෙහානා ඒ ජලකඳ මැදට ගසාගෙන ගොස් අතුරුදහන් වූවාද ? ඇය මිය ගියාද ? ඇගේ සිරුර මොවුන් විසින් සොයාගනු ලැබුවාද ?
රිදීමා කෑ ගසමින් නැගිට්ටාය.
“රෙහානා.... රෙහානා....” නදින් හා අමා ඇය වත්තම් කොට ගත්තෝය.
“දැන් ඒ හැමදේම වෙලා සෑහෙන කල්...” නදින් හෙමිහිට පැවසුවේය.
“ඔයාගේ මතකය එන්න, එන්න වැඩිවෙයි. දැන් ඔයාට බයවෙන්න දෙයක් නෑ. ඒකෙන් වද
විඳින්න දේකුත් නෑ....” අමාද පැවසුවාය.
“අපි ඉක්මනට රිදීමව කොළඹ ගෙනිච්චා. මේ අනතුරෙන් පස්සේ
එයාගේ මතකය නැතිඋණු එක ගැන අපි එක අතකින් සතුටු උණා.” අම්මා ඔසරි පොටෙන් දෑස පිසදා ගත්තාය. “මොනවාද හරියට උණේ කියන එක ගමේ අයටවත් හරියට තේරුණේ නෑ...”
‘මොනවද උණේ කියල මටවත් තාම තේරෙන්නේ නෑ...” නදින් ද පැවසීය.
“දැන් කෝ රිදීමාගේ අම්මා ?” මහීකා ප්‍රශ්න
කළාය.
මේසය වටා යළිදු නිහැඬියාවක් පැතිර ගියේය. නැවත තම
අසුනෙහි හිඳගත් රිදීමා කඳුළු වැගිරෙන දෑස නදින් අය්යා වෙත යොමු කළාය.
“එයා ඉන්නවා කොළඹ පුද්ගලික රෝහලක. දැන් එයාට තරමක් සුවයි.”
“එතකොට එයාගේ අප්පච්චි ?”
“එයාට අපි ලියුම් යැව්වා. බාගදා මිනිහා ආපහු ඒවි...” නදින් පැවසීය.
“මොනතරම් දුක හිතෙන කතාවක් ද ?” අජය පැවසුවේය. “ආදරෙන් බැඳුණු දෙන්නෙකුට එක්වෙන්න නොදෙන එක කොච්චර
හානිකර දෙයක්ද කියලා දැන් පේනවා නේද ?”
“ඒක නම් ඇත්ත !” අමා පැවසුවාය.
“ඒ දෙන්නම උගත්තු. අපූරු දරු දෙන්නෙකුත් හිටියා. දැන්
හිටියා නම් ලස්සන පවුලක්” අම්මා සුසුම් හෙලූවාය. රිදීමා අසන්නට ගිය ප්රශ්නය
වැටහුණාක් මෙන් ඇගේ දෙනෙත් රිදීමා දෙස යොමු වූයේය. “අපි නිශ්කට අකමැති උණේ, කුල ප්රශ්නයකටවත්, මුදල් ප්‍රශ්නයක් හන්දා නිසාවත් නෙවි. රෙහානගේ අසනීපේ
නිසා. එයා විවාහයක් කරගෙන, දරුවන් හදන මානසික මට්ටමක උන්නු කෙනෙක් නෙවි... නිශ්ක එයාට කොච්චර ආදරේ
කළත්,
ආදරෙන් විතරක් පවුලක් රැකෙන්නේ නෑ. දෙපැත්තෙන්ම සහයෝගය
නොලැබුණොත් ඒ ආදරේ කොයි මොහොතක හරි දෙදරලා යනවා. රිදීමගේ අම්මට උණෙත් ඒ දේමයි. ඒක
දැන,
දැන අපි රෙහානටත් ඒ
දේම කරන්නේ කොහොමද ?”
“ඒක නම් ඇත්ත....” අමා එකඟ වූවාය. “නැති ප්‍රශ්න
ගොඩක් ඇතිවෙනවා මිසක් ඇති ප්රශ්නවල විසඳීමක් වෙන්නේ නෑ....”
“දැන් ඉතින් රිදීමට තියෙන්නේ අමම්ව බලලා ඇවිත් ඔයාගේ
ඉගෙනීමේ වැඩ ඉවර කරගන්න...” අජය
පැවසුවේය. “දැන් ඉතින් ලොකු ප්‍රශ්ණයක් විසඳුණානේ...”
“ඒකහරි” මහීකා එකඟවූවාය. “ඒත් ඉතින් තවත් කෙනෙකුටත් ඔය කතාව පැහැදිලි කරන්න වෙනවා නේද ?”
“ඒ කවුද ?” දිනූෂ ඇසීය.
“ඇයි නිශ්ක .....” මහීකා කීවාය.
අඳුන් සිහින දහ අටවැනි කොටසින් නැවත හමුවෙමු.
මේක නම් එක පාරටම අතෑරපු එක.... අනේ මන්ද..
ReplyDeleteඔක්කොම එක පාරට දීල. එතකොට රෙහානට මොකද උනේ? මේක සුඛාන්තයක්ද?? මම ඇහුවේ රෙහානගේ පැත්තෙන්?? කොහොමහරි, මම නම් මේ විදියේ අවසානයක් බලාපොරොත්තු උනා..
ටිකක් ඉක්මන් උණා වැඩී නේ.
Deleteවැඩේ කියන්නේ ඒක හිමින් ඇදගෙන යන්න හිතෙන්නේ නැති එකනේ.
අඟහරු ඉතින් නියම ෂර්ලොක් කෙනෙක්.:)
අවසානයට තව දුරද???
ReplyDeleteඅවසානය අත ලඟ. :D
Deleteඅවසානය කියවන්න නිරතුරු රැඳෙන්නෙමි.
ReplyDeleteස්තූතියි නලින්. රැඳෙන ගමන් කතාව වෙනස් කලා නම් හොඳයැයි හිතෙන තැන් කීපයකුත් කියයි කියලා හිතනවා.
Deleteඒ ඉල්ලීම හැමෝගෙන්ම කරනවා.
හුටා... මට නම් මංඤ්ඤං වගේ උනා.. කොහෙන්ද එක පාරටම අප්පච්චිල,නිශ්ක, ඇක්සිඩන්ට්...
ReplyDeleteමං අන්තිමට බැලුවෙ උඩ තට්ටුවට ගිහින් පින්තූරෙ බලනව
ඔහොම තමයි පරක්කු උනාම. ඔයා එන්ට කලින් කට්ටිය රිදීමාව උස්සගෙන පහලට ආවා. :D
Deleteඑහෙනම් මේකයි වෙලා තියන්නෙ.. නිවුන් කේස් එකක් කියල නම් යන්තමට වගෙ හිතුන මට. ඒත් මෙහෙම දෙයක් නම් හිතුනෙම නෑ.
ReplyDeleteකතාවේ ඉතුරු ටික ලියන එක නම් කම්මැලිවේගන එනවා චන්දන :)
DeleteAndun Sihina sathiyak pamana pramaada wana bawa karunaawen salakanna....
ReplyDelete:D:D:D
Deleteහෙට දානවා. තව කොටස් දෙකක් විතර තියෙන්නේ.
සමහර ආදර කතන්දර හරිම දුක්බරයි නේද ...
ReplyDeleteදුකයිනේද සරණි?
Delete