Friday, April 12, 2013
මහීකාට කොල්ලෙක්
අඳුන් සිහින - හයවන කොටස
පළමුවෙනි කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_1.html
දෙවන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_3.html
තුන්වන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_5.html
සිව්වන කොටස:http://magenavakatha.blogspot.com/2013/04/blog-post_8.html
පස්වන කොටස:http://magenavakatha.blogspot.com/2013/04/blog-post_10.html
තමාගේ සාමාන්‍ය, එදිනෙදා දිවියට පිවිසීමට රිදීමාට අමාරු වූයේය. කොතෙකුත් මෝහනය වූ අවස්ථවේ කළ, කී දෑ කල්පනා කිරීම නිසාය. ඇය බොහෝවිට සිටියේ අතීතයේය. තමා මෝහනය කිරීමට එකඟවීම ගැනද ඈ පසුතැවුණාය. මේ නිසා මහිකාගේ හැසිරීම වෙනස් වී ඇති බව ඇය දුටුවේ පමාවීලාය.වෙනදා තොර තෝංචියක් නැතිව කතා කරන මහීකා මේ දිනවල කාලය ගතකළේ මොබයිල් ෆෝනයේ බොත්තම් තද කරමිනි.
“ඔයා මොනවද ඔය කරන්නේ ?” වැඩ කිරීමට අමාරුම තැන ඈ, මහීකගෙන් විමසුවාය. ඔවුන් සිටියේ කෑම කාමරයේ මේසය වටා හිඳගෙනය. රිදීමා තමන්ට අතපසු වූ සටහන් කිහිපයක් කොපි කරමින් උන්නාය. මහීකා නම් වැඩක් කරනා බවක් නොපෙනුණේය.
“SMS කරනවා.....” ”කාටද ?”
මහීකාගේ මුහුණ වෙනස්වනු රිදීමාට පෙනුණේය. “යාඵවෙකුට....”
“කවුද යාඵවා ? මමත් දන්න කෙනෙක්ද ?”
“නෑ......” මහිකා හිස ගැස්සුවාය. “මගේ ටියුට් ක්ලාස් එකේ ළමයෙක්.....”
ඈ තවත් බොත්තම් කිහිපයක් තද කළාය.
“ඉතින් ඔය යාඵවට කෙළින්ම රිං කරන්නකෝ!”
“එයා මේ වෙලාවේ වැඩ....”
“මේ වෙලාවේ ?”
රිදීමාට ඔරලෝසුව දෙස බැලූණේය.”? නවයට.....”
“ඔව් ! ” මහීකාගේ හඩ පහත් විය. ඇගේ දෙනෙතේ වූයේ මුරණ්ඩු බවකි. ”එයා පාර්ට්ටයිම් වැඩක් කරනවා රෑට....”
“ ඕහ් ! ” රිදීමාට යමක් සිහියට නැගුණේය. ”ඔයා ඔය කියන්නේ අජය ගැනද ?”
මහීකා නැගිට්ටේ ‘දඩාස් ’ ගා පුටුව පසෙකට තල්ලූ කරමිනි. “මට පිස්සුද අජයට SMS අරින්න....”
”ඒකම තමා මටත් දැනගන්න ඕන උණේ...”
මහීකාගේ මොබයිලය ගීතවත් හඩක් නැගිය. ඈ ඒ දෙස වහා බැලූවාය. ඇගේ මුහුණ සිනහවෙන් ඔප වැටිණි.
“ඒ පාර මොකක්ද ?” රිදීමා ඇසුවාය.
“එයා රිං කරනවා කියලා තියනවා තව ටිකකින්”
“කවුද ? ටියුට් ක්ලාස් එකේ යාඵවද ?”
“නෑ අජය....” මහීකා කිකිණි හඩ නැගුවාය.
රිදීමා තම හිස දෑතේ රුවා ගත්තාය. “මේ ළමයා මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ.” ඈ තමාටම කියා ගත්තාය. රිදීමා හා සතුටින් සිනාවූ මුත්, නාද වූ ටෙලිෆෝනය ගත් මහීකා ඊට පිළිතුරු දුන්නේ අමුතු තාලයකටය.
“ඔව් ඉතින් ඔයාට කොයි වෙලාවේ බැලූවත් එක්කො පන්ති, නැත්නම් වැඩ... කෝල් එකක් දෙන්න තරම්වත් ඔයාට වෙලාවක් නැහැ...”
අනෙක් පසින් කියුවණේ කුමක්දැයි රිදීමා නොදත්තාය. ඇය දුටුවේ මහීකාගේ පැද්දෙන කකුලත්, නවාගත් හිසත් පමණෙකි. රාත්‍රීයේවූ සීතල මකා ගැනීම සඳහා ඇය හැඳ සිටි රතු ජර්සියෙන් මහීකාගේ මුහුණේ පැහැය වැඩි වී ඇතැයි රිදීමා කල්පනා කළාය.
“හහ්.....” මහීකා වහා අසුනින් නැගිට්ටේ, රිදීමාගේ දැහැන බිඳ දමමිනි.
“මොකක්ද ඔයා කීවේ ?” මහීකා දුරකථනයෙන් විමසුවාය. “ගෑනුන්ට හිතක්, පපුවක් නෑ....” ඈ ඇසුවාය. ”ගෑනු හරි නපුරුයි.... එයාලට ඔයාලව තේරුම් ගන්න උවමනාවක් නෑ...” ඈ නැවතත් ඇසුවාය.
”අජය මේ ! අනෙක් ගෑනු ගැන නම් මම දන්නේ නැහැ..... හැබැයි මම නම් ඒ වගේ කෙනෙක් නෙවි. මම ඉවසන තරම මේ ලෝකේ කිසිම කෙනෙක් ඉවසන එකක් නෑ. ඔයා මට කතා නොකර ඉන්න කියනවා නම් මම කතා නොකර ඉන්නම්. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මම නපුරුයි කියලා හිතුවත්, මට ප්‍රශ්නයක් නෑ....” ඈ තරහින් දුරකතනය විසන්ධි කළාය.
“හහ්.....” රිදීමා යළිත් තම හිස දෑත මත ඔබා ගත්තාය.
“ආදරේ ! ආදරේ.....” ඈ සිතුවාය. ”මෙච්චර හිත රිද්දගන්න ආදරේ කරන්න ඕනද ?”
“ආදරේ තමා මේ ලෝකේ ගෙනියන්නේ ! ආදරේ නැත්නම් ජීවිතයකුත් නැහැ ”තණගොල්ලේ වැතිර සිටි තරුණිය, තරුණයාට පැවසුවාය. තරුණයාගේ මුහුණේ මන්දස්මිතයක් නැගෙනු ඈ දුටුවාය. තරුණියගේ බොකුටු කෙස්කළඹ තදට ගොතා තිබුණේය. තරුණිය, තම හීන් රන් වළලූ දැමූ අතකින් එය පිරි මැද්දාය. රිදීමාට ඉබේටම තම හිස අත ගෑ උණේය. අම්මා කෙතරම් තදින් ඒ බොකුටු කොණ්ඩය ගොතන්නේද? එහි රැළ් බුරුල් හැර, තදට කොණ්ඩා කරල් දෙකක් ගොතා සුදු රිබන් පටිගැට ගසනවාද ? ඈ තම සුරත දෙස බැලූවාය.
“ඒ හින් රන් වළලූ දෙක කෝ ?” ඇගෙ දෑත හිස් ය. තමා විදේශයකට එන නිසා අම්මා එය අරන් තැබුවාද ? ඈ සෙමින් තම ගෙල අතගෑවාය. අගේ ගෙල වටා වූ සිහින් රන් මාලය එලෙසම තිබුණේය. ඈ යළිත් තම හිස, සෙමෙන් අතගෑවාය. අර බොකුටු කොණ්ඩය, අම්මා තදින් පීරු අන්දම ඇයට යළි, යළිත් සිහිවන්නේ ඇයි ? සුදු චීත්ත පටි බැඳි කොණ්ඩා කරල් දෙකක්,ලේස් තදින් ගැට ගැසූ සුදු සපත්තුත්මෙතරම් තදින් සිහිපත් වන්නේ ඇයි ? අනතුරුව ඇයතම සුරත දිගු කළාය. තමා රන් වළලූ දෙකක් දමා සිටි බවට හෝඩුවාවක්වත් තමාට නොදැනෙන්නේ අයි ?
“රිදීමා.....”’
ඇය, තිගැස්සි හැරී බැලූවාය.
“ඔයා මොනවද ඔය කරන්නේ ?” ඒ මහීකාය. ”මගේ අතේ තිබුණ වළලූ දෙක කෝ කියලා කල්පනා කළා....”
මහීකාගේ මුහුණෙහි වූ තරහව ක්‍රමයෙන් අඩවී යනු ඇයට පෙනුණේය.
“මම හරි නරකයි නේද ?” ඇය ඇසුවාය.
“ඇයි ?”
“ඔයාට මෙච්චර කරදරයක් තියෙද්දි, මම මේ කොහෙවත් යන කොල්ලෙක් ගැන හිත, හිතා ඉන්න නිසා...”
රිදීමාට සිනා පහළවූයේය. “ඒකට කමක් නෑ මහීකා....”
මහීකා යළිත් කල්පනාවෙහි නිමග්නය වූවාය.“ගෑනු හරි මෝඩයි නේද ?”
“කා ගැනද ඔය කියන්නෙ ?” රිදීමා ඇසුවේ යළිත් මහීකා හිනස්සවමිනි. ”ඔයා ගැන කියන්න මම දන්නේ නෑ. ඒත් මම නම් මෝඩ නෑ...”
“මම නම් හරිම මෝඩ වැඩක් කළේ මේ අජයකුට කැමැත්ත දීලා” මහීකා තැවුණාය.
“පිරිමි කියන්නේ මහ අමුතු ජාතියක්. එයාලට වෙලාවට එයාලගේ හැම වැඩක්ම කෙරෙන්න ඕනේ.... ගෑනු අපි, අපේ හැම වැඩක්ම පැත්තනට දාලා එයාලා දිහා බලාගෙන ඉන්නඕන.... ගෑනු හරි මෝඩයි නේද ?”
“අනිවාර්යෙන්ම.....” රිදීමා පැවසුවාය.
“මට තේරෙන්නේ නැහැ ඒ බව දැන දැනම ඇයි ගෑනු අමාරුවෙ වැටෙන්නේ කියලා....” මහීකා මඳක් කල්පනා කළාය. ”ඒත් එක අතකට මට දුකක් හිතෙනවා....”
“කවුරු ගැනද ?” රිදීමා විමසුවාය.
“අජය ගැන ?”
“ඇයි ?”
“එයා පව් අනේ.... හරියට කනවද දන්නෙත් නෑ. බොනවද දන්නෙත් නෑ.....” මහීකා මඳක් කල්පනා කළාය.
“බොනවා නම් ඇති....” රිදිමා සිනාසුණාය. ඇයට පෝනිටේලය දැමූ තරුණයා සිහිවිය. ඔහු ඉන්නේ කොහේ ද? ඔහු රැකියාවක් කරනවාද ? මහීකා අසන්නාක් මෙන් ඔහු කන්නේ, බොන්නේ කෙසේද ? ඇගේ සිතෙහි උපන්නේද කනගාටුවකි. ඊළඟට ඈ, ඔහුගේ අවඥා සහගත සිනහව දුටුවාය.
”මේ කරදරයෙන් මම ගැලවෙන්නේ කවදාද ?” ඈ සුසමක් හෙලා, තමන්ගෙන්ම අසා ගත්තාය.
-කතුවරී
අඳුන් සිහින නවකතාවේ හත්වෙනි කොටසත් සමග නැවත හමුවෙමු.
Subscribe to:
Post Comments (Atom)
අද මුල්ම කමෙන්ට් එක මගෙන්ද කොහෙද... :)
ReplyDeleteඅද ටිකයි නෙ ලියල තියෙන්නෙ...
කලින් ලීව ප්‍රමානේ දිග වැඩි කියලා හිතුනනේ.:)
Deleteමුලු පෝසට් එකම ලිංක් වෙලා නේද එය හදන්න.. මවුස් එක දුවවන්න අමාරුයි.
ReplyDeleteහැදුවා නලින්. ස්තූතියි. නලින් කියනකල් මම දැක්කෙත් නැහැ.
Deleteඅදයි ආවේ හෙමීට කියවල හෙම බලමු මොකක්ද නම කියල.. හැක්..
ReplyDeleteදේශකයාව අඳුන් සිහිනෙට ආදරෙන් පිලිගන්නවා. කියවලා බලන්නකෝ.
Deleteමම ආස කතාවට වඩා උඩින් දාලා තියෙන ගෑල්ලමයගේ රූපෙට!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ රජවරු ඔහොමමයි. :)
DeleteKathaawa peeli maaru karala wage..
ReplyDeleteBalamu mona peelle gihin kohaata yayida kiyala...
Oyata Suba Aluth Awruddak Wewa!
පොඩ්ඩකට පීලි මාරු උනා වගේ පෙනුනට කෝච්චිය යන්නේ හරි පැත්තට.:)
Deleteඅඟහරුවාටත් සුබ අලුත් අවුරුද්දක්! ඔය පැත්තෙත් අවුරුදු තියනවද?
හාපෝ.. ඕක නම් ඇත්ත... පොඩි හරි අතපසු වීමක් උනොත් කියවන්නෙ ඔය ටික තමයි..
ReplyDelete//අනෙක් ගෑනු ගැන නම් මම දන්නේ නැහැ..... හැබැයි මම නම් ඒ වගේ කෙනෙක් නෙවි. මම ඉවසන තරම මේ ලෝකේ කිසිම කෙනෙක් ඉවසන එකක් නෑ. ඔයා මට කතා නොකර ඉන්න කියනවා නම් මම කතා නොකර ඉන්නම්. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මම නපුරුයි කියලා හිතුවත්, මට ප්‍රශ්නයක් නෑ..///////
මටත් ඔය ටික අහලම කටපාඩම් :)
ඇයි අෆ්ෆා කෙල්ලන් මෙච්චර පටු විදියට හිතන්නේ ???
කෙල්ලෝ හැමෝම එක විදියට හිතන්නේ කොල්ලෝ මොනවා කරන හන්දද දන්නේ නෑනේද යසිත්? :)
Deleteඅඳුන් සිහින මම කියවන්න ගත්තෙ 6 වන කොටසෙ ඉඳලා... අතර මැදදි ආවත් රස මුසු බසක් සහිත ප්‍රේම කතාවක් වගේ. මුල් කොටස් ටිකත් කියවලම තවත් අදහසක් දෙන්නම්
ReplyDeleteදයානන්දවත් සාදරෙන් පිළිගන්නවා අඳුන් සිහිනෙට. අර අඟහරුවා කියලා තියනවා වගේ මේ හරිය ටිකක් පීළි පැනලා වගේ. මුල ටික කීවාම තේරෙයි කියලා හිතනවා. අද මහීකාගේ කොල්ලා ගැන ලීවට මේකෙන් කියැවෙන්නේ වෙනම කතාවක්.:)
Deleteමේ ආපු ටික දිහා බලද්දී මට පෙනුනේ මේක වෙනස්ම කතාවක් වගේ. මහීකාට රිදීමාට අවුරුදු නැද්ද.. :D
ReplyDeleteඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
චන්දනටත් එසේම වේවා!!!
Deleteඑයාලටත් අවුරුදු ඇති. සමහරවිට ගමේ ගිහිල්ලත් ඇති.
කතාව වෙනස් වගේ පේන්නේ වෙන පැත්තකට හැරවෙන හන්දා වෙන්න ඇති.:)
අද කතාව එච්චරම සෙට් වුණේ නැහැ ඕන්
ReplyDeleteරිදීමායි, යාලු කෙල්ලෝ ටිකකුයි ඉඳලා මදි හන්දා කොල්ලෝ ටිකකුත් හිමින් සැරේ කතාවට එකතු කරන්න යන්නේ. නැත්නම් ගෑනු ලමයි තරහා වෙයි.:D
Deleteහසිතට සුබ අලුත් අවුරුද්දක්!!!
එසේම වේවා :D
Deleteඔබටත්, පවුලේ සැමටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්!!!
ReplyDeleteමම 'මගේ නවකතා ' ලියන 'කතුවරී':D
ඔන්න අවුරුද්ද ලැබුවට පස්සේ ආයෙත් ආව මේ පැත්තේ.. අවුරුද්දට සුබ පැතුවනේ කලින්.. කොහොම ද අවුරුදු ජයයි ද..? :)
ReplyDeleteමෙහෙ හැටියට කියන්න තරම් වැරැද්දක් නැහැ. ඒත් ලංකාවේ තරම් සරු නැහැ. බලලා යන්න ආපු එක කොච්චර දෙයක්ද? ඒ පැත්තේ නම් තාම අවුරුදු සද්ද නේද? :)
Deleteඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteඔබ හැමටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යසිත්!
Deleteසුබ පැතුමට ස්තූතියි කෙන්ජි. ඔබටත්, පවුලේ සැමටත් එසේම වේවා!:)
ReplyDelete