Monday, April 8, 2013
මෝහනයට පෙර ඉඟුරු තේ
අඳුන් සිහින - සිව්වන කොටස
පළමුවෙනි කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_1.html
දෙවන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_3.html
තුන්වන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_5.html
රිදීමා සිතමින් උන්නේ, මහීකාට මොවුන් මුණගැසුණේ කවදා, කොහේදීදැයි කියාය. තරුණයන් දෙදෙනාගෙන් වඩාත් උස් වූ, හීන්දෑරි තරුණයාගේ මුහුණෙහි වූයේ සිනාසෙන්නටම උපන්නකුගේ ලීලාවකි. බැලූ බැල්මට අනෙක් තරුණයා ගැනුණේ, ගමේ ගෙදර උයන, පිහින , සුබරත්න මැණිකෙගේ භාෂාවෙන් කියනවා නම්, ”රස්තියාදු කාරයිනේගේ ” ගොඩටය. ඔහුගේ ඩෙනිම් කලිසම සේදීමෙන් ම සුදු පැහැ ගැන්ව තිබුණේය. අත්කොට කමිසය කොහේදෝ සිට සොයා ගත්තාක් බඳුව රැළි වැටී, පොඩිවී, තිබිණි. දින කිහිපයකින් නොකැපූ රැවුළ, මුහුණට එක් කළේ මොස්තරයක් නොව හැඩිදැඩි පෙනුමකි. ජලාශය සලිත කරමින් ආ සුළඟ ඔහුගේ කෙහෙ රැළි අවුල් කළේය. තියුණු දෑසින් මහීකා දෙස බලා ගත් ගමන් උන් ඔහු, කීවේ මොනවාදැයි රිදීමාට තේරුම් ගියේ නැත.
“රිදීමා ! මේ අජය..... මම ඔයාට කලින් කිවේ...” මහීකා ‘අජය’ යන නම මීට කලින් සඳහන් කළා යැයි ඇයට මතකයක් නොතිබුණේය.
“මම දිනූෂ.....” අනෙක් තරුණයා හිනැහුණේය. ”මෙයා යන්නෙම කාත් එක්ක හරි ගහගන්න. මමත් ඉතින් පස්සෙන් යනවා බේත් දාන්න....” අජය තම යහඵවා දෙස රවා බැලූවේය. දිනූෂ තම දෙඅත් පෙරට දිගු කළේ පහරක් වළකන්නට තනන්නාක් මෙනි. ”ගහන්න නම් එපා.....” ඔහු පවසන විට මහීකා හඩනඟා හිනැහුණාය. රිදීමාගේ මුවගටද නැගුණේ මද සිනහවකි.
ඔවුන්වෛද්‍ය ශිෂ්‍යයන්බවත්, දිනූෂ ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයෙකුබවත්, අජයගේ දෙමව්පියන් හා සොහොයුරා ශ්‍රීලංකාවෙහි ජීවත්වන බවත්, ඔවුන්ගේ කථාවට සවන් දුන් ඈ දැනගත්තාය.
“අපි ඕනෑම උදව්වක් කරනවා. කිසිම ප්‍රශ්නයක් නෑ.....” කීවේ අජයයි.
“ඒත් මට තෙරෙන්නේ නැහැ රිදීමා ඒ පස්සේ ඔච්චර දුවන්නෙ ඇයි කියලා !” ඔහු ප්‍රශ්නය යොමු කළේ මහීකා වෙතය. මහීකා තම කථාව ඔවුන් හා පවසනු රිදීමා බලා සිටියාය. අජය සිත්ගන්නා සුඵ තරුණයෙකු බව ඔහු දෙස බලා සිටි ඇයට මොහොතකට සිතුණේය.
“කථාව නම් හරිම රසවත් !” මහීකාගේ කථාව අවසානයේ දිනූෂ පැවසීය. ”හැබැයි මට කිසිම දෙයක් තේරුණේ නම් නැහැ......”
“මම නම් කියන්නේ රිදීමාට එයාගේ යටගියාව අමතක වෙන්න මොකක් හරි බරපතළ සිදුවීමක් වෙලා ඇති කියලයි.....” අජය පැවසුවේය.
“එතනට යන්න රිදීමාගේ හිත දෙන්නේ නැහැ. එතන තමයි ප්‍රශ්නේ. ඒක නිරාකරණය කරගත්ත හැටියේ ප්‍රශ්නය ඉවරයි......” ඉන්පසු ඔවුහු තවත් මොනවදෝ කථා කළෝය. ඇය ඔවුන්ගේ දෙබසට සවන් දුන්නේ අතරින් පතරය.
“මට සල්ලි නැ. මම ඉන්නේ අය්යත්, තාත්තත් අමාරුවෙන් එවන සල්ලිවලින්. සමහර වෙලාවට මට කන්න සල්ලි නෑ. පෙට්‍රල් ගහන්න සල්ලි නෑ. මම වැටිලා ඉන්නේ දුරින් නෑ වෙන අන්කල් කෙනෙක් ළඟ. මිනිහා මට එයාගෙ ගෙදර නිකං වැටිලා ඉන්න ඉඩ දීලා තියෙනවා.....” අජය කියමින් උන්නේය. ”මම පුංචි පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරනවා. මේ දිනූෂට නම් ඕනෑ තරම් සල්ලි... මම ලෝන් ගහන්නෙ මිනිහගෙන් !”
දිනූෂ හඩනඟා හිනැහුණේය. ”මිනිහට ලෝන් ගහන්න ඕනැ උණාම, මාව ඔය විදියට මුරුංගා අත්තේ තියනවා.....” සල්ලි තිබුණා යැයි කීවාට, ඔහුගේ පෙනුමෙහි වූයේ, හරියට කෑම නොගන්නා අයෙකුගේ ස්වරූපයකැයි රිදීමා සිතුවාය.
“මූ බඩ පැලෙන්න තුන් වේලම බත් කනවා. ඒ උණාට හැමදාම මෙහෙමයි...” ඇගේ සිත දුටුවාක් මෙන්, අජය පැවසුවේය. ඔවුන් හිඳ සිටියේ විශ්වවිද්‍යාල භූමිය තුළ, කුඩා ජලාශයක් අසලවූ පිට්ටනියේය. ලා තණ ගොල්ලේ හිඳ සිටීමෙන් රිදීමාට දැනුණේ සහනයකි. දහවල් ආහාරය සඳහා කැන්ටිම බලා යනතුරු, ඔවුහු කථා කළෝය.
“ඒ දෙන්නා හරී හොඳයි....” මහීකා පසුව පැවසුවාය.
“මොනෑෂ් මෙඩිකල් සෙන්ටර් ගිය වෙලාවේ මට දෙන්නා හම්බ උණේ ! ඔයාගේ අර ‘භූතයා’ කවුද කියලා හොයාගන්න ඒ දෙන්නා උදව් කරන්නම් කීවා.... අජය නම් කියන දේ කරන කෙනෙක් වගේ පේනෙන්නෙ....” ඇගේ දෑස සුන්දර සිහිනයකින් පිරී යනු රිදීමා දුටුවාය.
“එයා ලස්සනයි නේද ?” මහීකා ඇසුවාය.
“හ්ම්.....” රිදීමා පිළිතුරු දුන්නාය. ”කියන්න තරම් වරදක් නෑ, රැවුල කපලා හොඳ ඇඳුමක් ඇන්දුවනම්.......”
යෙහෙළියෝ හඩ නගා සිනාසුණෝය.
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
සති අන්තය පැමිණියේ රිදීමා සිතුවාටත් කලිනි. ඉක්මනින් සති අන්තය එනතුරු බලා සිටියද, එය ඉක්මන් නොවූවා නම් මැනවැයි ඇයට සිතුණේය. අනෙක් අතට ඉක්මනින් යමක් පැමිණෙන්නේ , ඉක්මන් අවසානයක් ඇතිව නොවේදැයි ඈ කල්පනා කළාය. ඇයට මෝහනය කිරීම සූදානම් කර තිබුණේ, සෙනසුරාදා සවස හයටය. උදෑසන සිට ඇගේ යෙහෙළියෝ එදිනට අවශ්‍ය කාර්යයන් සියල්ල කලින් නිම කිරීමට වෙහෙසුණාහ.
මහීකා කලින් උයා පිහා, නිම කළාය. ටෙලිෆෝනය ගැලවුණේය. අනවශ්‍ය දුරකතන ඇමතුම්වලින් බාධා පැමිණෙතැයි කියාය. අමාගේ කාමරය, මෙම කාර්යය සඳහා මැනවැයි නිගමනය කෙරිණි. රිදීමාට එදින නිවාඩු ලැබුණේය. ඇයට වූයේ විවේකී සුවයෙන් සිටීමටය. එහෙත් වෙලාව ළංවෙද්දී, ඇගේ හද ගැහුණේය.
සියල්ලෝම ඉඟුරු දැමූ තේ පානය කළාහ.
“මට දැනෙන්නේ පුංචි කාලෙදි වගේ මොකක් හරි ‘හොර වැඩක්’ කරන්න ලෑස්තිවෙනවා වගේ” රුචිරා හිස් කළ තේ කෝප්පය, පසෙක තබමින් පැවසුවාය.
රිදීමා හිනැහුණාය. සිතේ ගුලිවී තිබූ යමක් දියව ගියාක් මෙන් සහනයක් ඇයට දැණුනේය.
“අපි දැන් කරන්න හදන්නෙ ඒ වගේ දෙයක්ම තමයි..... මේකත් හොරම හොර වැඩක්. කවුරුත්ම දන්නෙ නැහැ අපි ටික ඇර........”අමා පැවසුවාය.
යෙහෙළියෝ ඇගේ කාමරයට එකතු වූහ. කවුඵ තිර වැසිණි. මහීකා ඉටිපන්දම් කිහිපයක් දල්වා, විදුලි පහන් නිවා දැම්මාය.
“දැන් තමා ගතියක් ආවේ......” ඒ රුචිරාය.
රිදීමා සෙමෙන් යහන මත දිග ඇදුණාය. තුනී සඵවකින් ගතද වසා ගත්තාය.
“මෙයා සනීපෙට නිදයිද දන්නෙත් නෑ......” අමා පැවසුවේ, සියල්ලන්ව සිනස්සවමිනි.
යෙහෙළියෝ ඇඳ වටා පුටු කිහිපයක් තබා හිඳ ගත්තාහ. මෝහනය වෙන අවස්ථාවේදී, තමාගේ මුහුණෙහි මතුවන සෑම ඉරියව්වක්ම මතක තබා ගන්නැයි රිදීමා, මහීකාට කලින් කියා තිබුණි.
“මම පටන් ගන්නද ?” අමා සෙමින් ඇසුවාය.
රිදීමා කළේ හිස සෙලවීම පමණෙකි. ඈ ඇස් පියාගත්තාය. පරිසරය නිසලව ගියේය. කොහේදෝ යන රථයක හඩක් ඈතින් ඇසිණි. සුළං පොදක් කවුලු පියන් පතක වැදී ඈතට ගියේය. ගසක අත්තක තනිව හිඳිනා කුරුල්ලෙකුගේ විරහ ගී නාදයක් රිදීමාට ඇසුණේය.
“රිදීමා....... මම මුලින්ම ඔයාව ‘රිලැක්ස්’ කරවනවා. ඊට පස්සේ දහයට ගණිනවා. ඔයාව මෝහනයෙන් එළියට ගන්න ඒ ක්‍රියාවලියේම මම ආපස්සට යනවා. ඔයා මොනවා දැක්කත්, මොනවා කළත්, මම ඔයා එක්ක, ඔයා ළඟින්ම ඉන්නවා. ඔයාට මගේ කටහඩ දුරකින් වගේ ඇහෙයි...... ඒ හඩට ඔයා අවධානය යොමු කරන්න.......”
අමා, තමාගේ සුරත සෙමෙන් මිරිකා අතහරිනු රිදීමාට දැණුනේය. අන් සියල්ලන් හුස්ම ගන්නා හඩ පවා තමාට ඇසෙන්නේ යැයි ඈ සිතුවාය. ඇය දෙනෙත් තරකොට පියා ගත්තේ, සියල්ල අත්හළ අයෙකු මෙනි.
“ඔයාගේ නළලේ හරි මැදට අවධානය යොමු කරන්න........” අමා විධානය කළේ, රිදීමාගේ ගතෙහි හිරිගඩු නංවමිනි. ඒ ඇගේ යෙහෙළිය අමාගේ හඩ නොවේ. පළපුරුදු වෛද්‍යවරියකගේ හඩකි.
“ඔයාගේ ඔඵවේ බර ගතියක්, තද ගතියක් දැනෙනවා ඇති. ඒ සියල්ල අයින් කරලා රිලැක්ස් වෙන්න. ඔන්න දැන් ඔයාගේ හිසේ බර ගතිය නැති වෙනවා. තද ගතිය නැතිවෙනවා. ඔයා රිලැක්ස් වෙනවා......”ඇය එය නැවත නැවතත් සෙමෙන් උච්චාරණය කළාය. රිදීමාගේ හිසේ සිට දෙපතුළ දක්වා එම විධානය කරගෙන ගියාය.
රිදීමා තම හිස, නළල, මුහුණ වෙත ක්‍රමයෙන් අවධානය යොමු කළාය. ඇයට දැනුණේ සිත කර ක්‍රමයෙන් සැහැල්ලූවන බවකි. ඝනව තිබූ මාංශ පේශීන් ලිහිල්වනු ඇයට දැනුණේය. අතපය සැහැල්ලූව ගියේය. ගත මුලින්ම අප්‍රාණික විය.
-කතුවරී
බදාදා දිනයේ අඳුන් සිහින නවකතාවේ පස්වෙනි කොටසත් සමග නැවත හමුවෙමු.
Subscribe to:
Post Comments (Atom)
අයියෝ අදත් මෝහනය වුණේ නැහැනේ පටන් ගත්තා විතරනේ :(
ReplyDeleteඑහෙම තමා ඉතින්. එකපාරට මෝහනය වෙන්නේ නෑනේ.:D
Deleteමං නම් මෝහනය උනා වගේ දැං.. 5,4,3,2,1,
ReplyDeleteඅයියෝ.... එදා කිව්ව අද දානව කියල අද කියනවා බදාදා දානවා කියල.. මට හිතෙන්නෙ බදාදටත් ඕක කරන්න වෙන්නෙ නෑ.. අඩුම ගානෙ අමාගෙ ෆෝන් එක රිංස් යයි, නැත්නම් ගෙදරට කවුරු හරි ඒවි....... අනේ...
තාමත් ගෑනු කියන කතා විශ්වාස කරනවද යසිත්?:D
Deleteනෑ නෑ බදාදා නම් මෝහනය කරනවාමයි.
ඔය ගානට කොටසක් ලිය වුනාම හොද ගනන්.එක සැරේ ඩෝන් ගාල දැම්මාම කතාවෙ කුතුහල හා රසය නැතුව යනව.
ReplyDeleteකතුවරිය ලියන්න වගේම මෝහනය කිරීම ගැනත් හොද අවබෝධයක් තිබෙනව වගේ.
අපිට හොද දැනුමක් ලබාගන්න හිටපු අදුරුතුමා ළගදි මිය පරලොව ගියා.
මෝහනය කිරීම ගැන ඔබේ අත් දැකීම් ඇත් නම් වෙනම ලිපි මගින් හරි අප සැවොම දැනුවත් කරන්න.
කතාව දිග වැඩිබව කීපදෙනෙක්ම කීවා. ඒකයි කොට කරමු කියලා හිතුවේ.
Deleteමෝහනය ගැන අවබෝධයක් නම් තියෙනවා. දන්නා ඇදුරුතුමෙක් මේ පැත්තෙත් ඉන්නවා. ඒ ගැනත් පස්සේ ලියමු. කතාව ඉක්මනින් ඉවර කරලා.
Aththanennam...
ReplyDeleteMohanaya karanne mama hithaagena, danagena hiti widiyata tikak wenas widiyakata wage..
Digatama kiyawanna enawa.!
Liyagena yamu!
Jaya wewa!
මෝහනයට හැමෝම කැමතියි වගේ.:)
Deleteදිගටම එන්න. එතකොට විස්තර දැනගත්ත හැකි.
මෝහනය හොඳ ඉසව්වක් අල්ලන්න ඒ පැත්ත ගැන තව ටිකක් විස්තරත්..
ReplyDeleteබලමු නලීන්:D
Deleteරිදීමා මෝහනය වෙන්නේ කවදද කියල දැන ගන්න ඔයාව මෝහනය කරන්න වෙයි වගේ. :D
ReplyDeleteමෙහෙම හොඳයි. මෝහනය කරන්නෙත් හිමින් ලු නේ. ඒ ගැනත් පස්සේ ලියන්නකෝ.
ඒක නම් ඇත්ත චන්දන. මොනදේටවත් හදිසි වෙන්න එපා කියනවනේ. :)
Deleteමුල ඉදන් එන්න වෙනවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මුල ඉඳන්ම එන්න. රජවරුන්ට වෙලා තියනවනේ. :)
Deleteකියවල ඉවරවෙනකොට හිතෙනවා තව ටිකක් තිබුණ නම් කියලා. ඒ තරමරට රසවත් කතාවක්.
ReplyDeleteවැඩියෙන් දිගට තිබුනොත් කම්මැලි හිතෙයි. සරණි උනත්, පහුවෙනකොට කම්මැලිවෙයි.
Deleteඔන්න මමත් කියවන්න ගත්තා... මුල ඉඳන් කියවගෙන එන්නම්
ReplyDelete