Friday, April 19, 2013

නිශ්ක




අඳුන් සිහින නවවැනි කොටස



මට නම් බයේ බැහැ හිටිගමන් ඇදගෙන වැටෙන කට්ටියව කාර් එකේ දාගෙන යන්න.....මහීකා පැවසුවේ කාරය එලවන අතරය. රිදීමාගේ මුහුණ යාන්තමට සිනාවක් ඇඳෙනු ඇයට පෙනිණි.

ඇත්තටම ඔයාට එදා මොකද උණේ රිදීමා ? ” ඈ රිදීමාගෙන් ඇසුවාය.

මම දන්නේ නැහැ මහී..... මට මොනවා වෙනවද කියලා මමවත් දන්නේ නැහැ.

ඉතින් අපි ගිහිල්ලා කවුරු හරි මුණ ගැහෙමුකෝ !”  මහීකා නැවතත් තම කටහඬ අවදි කළාය. ඕක බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයිනේ

කාට පෙන්නන්නද ?” රිදීමා සුසුමක් හෙ`ඵවාය.

දොස්තර කෙනෙක් ගාවට ගිය හැටියේ එක්කෝ මට ඩිප්‍රෙෂන් කියලා ටැබ්ලට් ගන්න
වෙයි. නැත්නම් හොස්පිට්ල් එකක නතර වෙන්න වෙයි. මට ඒ දෙකම කරන්න බැහැ.
...” ඇගේ හඬෙහි වූයේ කලකිරුණු ස්වභාවයකි.

ඒක නෙවි, මට යාලුවෙක් කීවා ළඟදි ෆාදර්කෙනෙක් ඇවත් ඉන්නවා කියලා ලංකාවෙන් ! එයා ළඟට ගිහින් බලමුද ? එයාට ෆොටෝ එකක් දුන්නාම, එයා ඒකට අත තියලා, හැමදේම කියනවලු....මහීකා ඇසුවාය.

පිස්සුද ?” රිදීමා පෙරළා ඇසුවාය. මට අහනකොටත් බය හිතෙනවා. මට නම් බැහැ....

එහෙනම් කේනදරේ බලවමු. නරක කාලයක් ද දන්නේ නැහැනේ !

මහීකා....රිදීමාගේ හඬ තර්ජනාත්මක විය.

එහෙනම් අපි මොකද කරන්නේ ?” මහීකා ඇසුවේ බැරිම තැනය.

ඉවසලා ඉන්න එක. කොයි වෙලාවක හරි මගේ මතකය මට ආයෙම ලැබෙයි. එතකල්
බලන් ඉන්න එක තමා ඉතුරු වෙලා තියෙන්නේ!”

දේශනයට සහභාගි වුවද, රිදීමාගේ සිත එක තැනක රැඳුනේ නැත. මහීකා අසන්නාක්
මෙන්ම, තමාට සිහි නැතිව ගියේ ඇයි ? දිනූෂ ගේ මව පැවසූ අන්දමට මියගියා යැයි කියන ඒ තරුණිය කවුද ? තමන්ගේ දෙමව්පියන් වසන් කරනා කුමක් හෝ රහසක් වේද ?අය්යාවත් තමාට මේ බව නොකියන්නේ මන්ද ? තමා මේ සඳහා කළ යුත්තේ කුමක්ද ?

රිදීමාට එහායින් හිඳ සිටි ජෙසිකා ඇයට වැලමිටෙන් ඇන්නාය. බටහිර නලුවෙකු
බඳුවූ දේශකයා, දේශනය නතරකොට තමා දෙස බලා හිඳිනු දුටු රිදීමා රතු උණාය. අසුනේ හරිබරි ගැසී යළි කෙළින් හිඳගත්තාය. වාසනාවකට මෙන් දේශකයාගෙන් ඇනුම් පදයක් එල්ල නොවිණි. යළිත් තමාට මේ මොහොතෙහි අවශ්‍ය නොවූ දේශනය වෙත හිත රැඳවීමට ඈ උත්සහ ගත්තාය.

කොහොමද හොඳට ලෙක්චර් එක අහගෙන හිටියා නේද ?” ජෙසිකා ඇසුවේ දේශනාගාරයෙන් පිටවෙද්දීය. ඇගේ ඉංගී‍්‍රසි කිසිවක් මුලින් රිදීමාට නොතේරුණේය. දැන් දැන් ඇගේ කියමන් අල්ලා ගැනීමට ඇගේ කණ හුරුව තිබිණි.

ඕක ඇහුවා කියලා වැඩක් නෑ. ගෙදර ගිහින් ඔන්ලයින් අහන එකයි ඇත්තේ !” මහීකා හිනැහුණාය. දැන් ළමයි ලෙක්චර්ස් එන්නෙත් නැහැ. අපි තමයි අලුත් ජේම්ස් බොන්ඞ් බලන්න දුවගෙන එන්නේ.....ඇයට පිළිතුරක් දීමට ප‍්‍රථම, දේශනාගාරය ඉදිරියේ වූ කොරිඩෝවෙහි කුලුනට හේත්තුව සිටි දිනූෂ, රිදීමාට පෙනුණේය.

අන්න දිනූෂ !

ෂා ! ලෙඩා බලන්න එන්න ඇතිමහීකා සිනාවූයේ ඔච්චමටය.

ජෙසිකා ඔවුනට අතවනාගෙන, පුස්තකාලය පැත්තට දිව ගියාය.

කෝ අජය ?” මහීකා, දිනූෂගෙන් ඇසුවේ දඟ හඬිනි. වැඩට ගිහින්ද ?”

සමහරුන්ට සුප‍්‍රසිද්ධ නිතිඥ දෙමව්පියන් නැති හන්දා වැඩට යන්නම වෙනවනේ !
දිනූෂගේ කපොල, සිනාවෙන් වළ ගැසුණේය.

බලාගෙන ඉන්නේ හින්ට් එකක් අරින්නමයි නේද?” මහීකා ඇසුවාය.

ඇත්තම කීවාම. ඒක හින්ට් එකක් වෙන්නේ කොහොමද ?” දිනූෂ ඇසුවේය.

මහීකා සුසමක් හෙලූවාය.  මට නම් අජයව තේරුම් ගන්න බැරිවෙලා ඉන්නෙ. එයා කොහේ යනවද, මොනවා කරනවද, මට කිසිම අයිඩියා එකක් නැහැ. දවස් ගණන් මට
කෝල් කරන්නේ නැහැ.....දිනූෂගේ සිනාව මැකී ගියේය.

මම මොකට අජය එක්ක යාලු උණාද කියාලා මටම තේරෙන්නේ නැහැ. මම ඇත්තෙන්ම එයාට කැමතිත් නැහැ....

එවර දිනූෂ සමඟ රිදීමාද සිනාසුණාය. මොකද ඔයාලා හිනාවෙන්නේ ? මම බොරු
කියනවා කියලද ? මම ඒ දවස්වල අවුරුදු පහළොවක ගෑනු ළමයෙක් වගේ හැසිරුණු හැටි මතක් උණාම මට පොළව පලාගෙන යන්න හිතෙනවා......

ඔයා දැනුත් හැසිරෙන්නේ ඒ වගේ තමයි....රිදීමා පැවසුවාය.

ඔහොම තමයි හරිගියාම යාලුවන්ගෙනුත් කැපිල්ල....... මම යනවා ලයිබ‍්‍රරි..... මැඩම්ට ගෙදර යන්න  ඕන වෙලාවට ඩ‍්‍රයිවර් හොයාගෙන ලයිබ‍්‍රරි එකට එන්න !

ඔවුහු ඇය නොපෙනී යනතුරු බලා උන්හ.

පිස්සු කෙල්ලරිදීමා පැවසුවාය. ඒ උණාට එයාගේ හිත හරි හොඳයි.

ඔවුන් පිට්ටනිය හරහා මඳ දුරක් ඇවිදගෙන ගියේ කතා නොකරමය. වඩා උස්නොවූ, අතු බෙදී තිබූ ගසක් අසල නැවතුණු දිනූෂ, ඊට බරවී සිටගත්තේය.

මම ආවේ ලෙඩ බලන්න. අම්මාගෙන් බේරුමක් නැහැ ඔයාව ගිහින් බලන්න කියලා... එයත් වෙලාවක ඔයා බලන්න එයි....රිදීමා, දිනූෂට ළංව සිටගත්තාය.

ඔයාගේ අම්මා හරි හොඳයිඇය පැවසුවේ, දිනූෂගේ දෑස දෙස එක එල්ලේ බලමිනි. ඒ දෑසේ වූයේ සිනහවකි.

අම්මත් හොඳයි. පුතාත් හොඳයි...ඔහු ඇයට ළංව, ඇගේ නළලත වූ කෙහෙරැළි
මඳකට ඉවත් කළේය. තම ගත උණුසුමකින් පිරී යනු රිදීමාට දැනුණි.

ඔහුගේ සිහිල් ඇඟිලි තුඩින් ඇගේ නළලත පිරි මැදුණේ ය. කැළලක් හිටලා නැහැ. මම බයඋණේ මේ ලස්සන මූණේ කැළලක් හිටී කියලා....රිදීමා දෑස වසා ගත්තාය.

මම දන්වා ඔයා හිතේ කරදරෙන් ඉන්න බව.....දිනූෂ නැවතත් කතා කළේය.
රිදීමා ! ඇයි එදා ඔයා සිහි නැති උණේ ?”

රිදීමා තම දෙනෙත් විවර කළාය. ඒ ප‍්‍රශ්නේ තමා හැමෝම අහන්නේ ! අනේ මට
තේරෙන්නේ නැහැ දිනූෂ... මම කොච්චර මතක් කරන්න හැදුවත්, මගේ මතකෙට පහුගිය කිසි දෙයක් එන්නෙම නැහැ...

බය වෙන්න දෙයක් නැහැ... මේ වැකේෂන්එකට අපි ලංකාවට යමු. මමත් එන්නම්. අපි අජයවත්, මහීකාවත් අ`ඩගහගෙන යමු. ඔයාලගේ ගමේ, ඉස්කෝලේ, නෑ ගෙවල්වල, මේ හැමතැනම ඇවිදලා, මිනිස්සුන්ට කතා කරලා බලමු...

රිදීමාගේ ඇඟ පුරා උණුසුමක් දිව ගියේය. ඇයට දැණුනේ නව පණෙකි.

ඒක නම් හොඳ අදහසක් තමයි ! අජයලා කැමති වෙයිද ?” ඈ ඇසුවාය.

මම ඒ ඔක්කොම බලා ගන්නම් ඔයා එග්සෑම් එකට ලෑස්තිවෙන්න !"දිනූෂ, ඇගේ දෑත් සෙමින් මිරිකා අත හැරියේය. මම දැන් යන්නම් හවස් වෙලා කෝල් එකක් දෙන්නම් !

රිදීමාට කළ හැකි වූයේ හිස සෙලවීම පමණෙකි.

සුදු මැණිකේ.....

තිගැස්සුණු ඈ වහා හැරී බැලූවාය. පුස්තකාලයට යන පාර අයිනෙහි සිටගෙන උන්නේ, අර තරබාරු තරුණයාය. ඔහුගේ දෑසෙහි වූයේ අප‍්‍රසන්න බවෙකි. මුහුණෙහි වූයේද රෞද්‍ර පෙනුමකි.

ඔයාට  ඕනද අර පෝනිටේල් කාරයව මීට් වෙන්න....

රිදීමාගේ හදවත නැවතුණේය. ඊළඟ මොහොතෙහි එය දඩිබිඩි ගා ගැහෙන්නට පටන් ගත්තේය. එය ගැහෙනා හඬ පිටතට ඇසෙතැයි ඈ බියවූවාය.

වැඬේ දුරදිග යන්න කලින්, මිනිහට කතා කළොත් හොඳයි.කියමින් ඔහු ආපසු හැරුණේය. දුරදිග යන වැඩය කුමක්දැයි නොඅසාම , රිදීමා ඔහු පස්සෙන් වැටුණාය. හරියට මෝහනයට පත් වූ එකියක මෙනි. පුස්තකාලය දෙසින් කවුදෝ දිව එන හඬක්ද, කෑ ගසන හඬක්ද, ඇසුණේය.

රිදීමා කොහෙද ඔය යන්නේ ?” ඒ මහීකාය.

එහෙත් එයට පිළිතුරු දීමටවත්, නැවතීමටවත් රිදීමාට ශක්තියක් වූයේ නැත. ගල්කැට කිහිපයක් ඇගේ පයේ හැපී විසිර ගියේය. ඉක්මන් ගමණින් දිව ගිය තරුණයා පසුපස
ඇයද දිව ගියාය.

ඔහොම පොඞ්ඩක් ඉන්න ! මමත් එනවා......ඒ හඬරිදීමාගේ දෙසවන් දෝංකාර දුන්නේය. ඒ මහීකාගේ කටහඬ නොවේ. වෙනත් කාගෙදෝ කට හඬකි.  ඔහොම පොඞ්ඩක් ඉන්න ! මමත් එනවා......

තරුණිය මුදා හළ වරලස ඇතිව පහත් බංකුවක හිඳ සිටියාය. සුබරත්න මැණිකේ මුදුව කඩා හැලූන එය හිමිහිට පීරුවාය. සුදු මැණිකෙගේ කොණ්ඬේ තියෙන ගැට...
ඈ නෝක්කාඩු කීවාය.

සුදු මැණිකේ විසේ නොකර ඉන්නකො !

ස්.... ස්....මිදුල දෙසින් හඬක් ආවේය.

මොකද මේ පිංචි කෙල්ල එළියේ ඉඳන් සුස්, සුස්ගාන්නේ ?”

සුබරත්න මැණිකේ ඇසුවේ හොඳ හිතකින් නොවේ. තරුණිය ඉද්ද ගැසුවාක් මෙන්, ලොවි බංකුවෙන් නැගී සිටියාය. අහිංසක සුබරත්න මැණිකේ නොවැටී බේරුණේ වාසනාවට ය.
මොකද පිංචි ?”

පිංචි කෙල්ල ඇස් කරකවා ඉඟියක් කළාය. "ඉන්න සුබේ මේ කෙල්ලට හොඳවැයින් දෙකක් ඇනලා එනකල්!” තරුණිය තම දිගු වරලස ගෙල මුලට ගැට ගසා ගත්තාය. වෙරලුගසට පිටුපසින් සිටි පිංචි ඇයට රහසින් යමක් පැවසුවාය. තරුණියගේ මුහුණ වෙනස් වූයේය. මුවගට සිනහවක් නැගිණි.

"යමං..... ඈ දුවන්නට පටන් ගත්තාය.

වෙල් යාය අයිනෙන් වැටී තිබූ අඩිපාර කෙළින්ම වැටුණේ, ගඟ අද්දරටය. තරුණිය ඉගිලෙද්දී, පිංචි කෙල්ලද ඇය පසු පස ඉගිලූණාය. ගුරුපාරෙහි වූ ගල්, බොරලු තරුණියගේ පයෙහි වැදී විසිර යනු රිදීමා දුටුවාය. ඇයට වේදනාවක් දැනුණු බවක් නොපෙණුනේය. ඉතා සෙමින් පටන්ගත් රූප රාමු පෙළ, ඉතා සීඝ‍්‍රයෙන් අවසන් වෙමින් තිබුණේය.

රිදීමා, තරබාරු තරුණයා පසුපස, නතර වූවාය. පිට්ටනියෙහි කොණක වූ පොකුණ අසල හිඳ සිටියේ ඔහුය. මුදාහල ඔහුගේ වරළ සුළගින් අවුල් විය. කණෙහි වූ කරාබුව දිලිසුණේය. ඔහු හිඳ සිටියේ වාත්තු කළ පිළිමයක් සේ නොසෙල් වී ය. ඔවුන්ගේ හඬඇසුණු හේ හිස සෙමින් ඔසවා බැලූවේය. පියකරු ඒ මුහුණේ, සිනහවක් නොවීය. ආත්ම ගණනාවක කතාවක් පැවසූ දෑසෙහි වූයේ, කියා නිම කළ නොහැකි වේදනාවකි. නිහඬව ඔහු අසන පැනයට දිය යුතු පිළිතුරක් ඇය සතු නොවීය.

"ඔහොම ඉන්න ! ඔහොම ඉන්න !කවුදෝ පිටුපසින් හිඳ කෑ ගෑවේය.

තරුණයා හිඳ සිටි පඳුරෙන් මෑත්ව නැගී සිටියේය.

"නිශ්ක...... රිදීමාගේ හදවත මොර ගෑවේය.

"නි....ශ්.....ක......රීදීමා කෑ ගෑවාය.

පල්ලමේ පහළට පෙරළී ගිය ඇයව, නිශ්ක තම ශක්තිමත් බාහු යුගලට මැදි කර ගත්තේය.

අඳුන් සිහින දහවැනි කොටසින් නැවත හමුවෙමු.


17 comments:

  1. අනේ මන්දා මොනා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ , මාව අවුලෙන් අවුලට පත්වෙලා......

    ReplyDelete
    Replies
    1. මාව ඊට වඩා අවුලකට පත්වෙලා. කතාව අප්ඩේට් වෙලා නෑනේ.:)

      Delete
  2. මගෙත් අන්තිම පෝස්ට් එක අප්ඩේට් උනේ නෑ. පස්සේ ඒකට උඩින් තව එකක් දැම්ම. මේ දවස් වල මොකක් හරි අවුලක් තියනවා වගේ. සෙටින් වෙනස් කලේ නෑනේ. මේ පෝස්ට් එකෙ එඩිට් ගිහින් Revert to draft කරලා ආපහු පබ්ලිෂ් කරලා බලන්න. නැත්නම් පෝස්ට් එක අප්ඩේට් වුනේ නෑ කියල පොඩි පෝස්ට් එකක් දාන්න. මේ පෝස්ට් එකේ එන ලින්ක් එකත් එක්ක.

    කතාව කියවන්න පසුව එන්නම්.

    ReplyDelete
    Replies
    1. Revert to draft කලා. ඒත් හරි ගියේ නෑ. පෝස්ට් එක දිග හන්දද දන්නේ නෑ. ලින්ක් දාන්නේ කොහොමද කියලත් මතක නෑ ඒ පාර. බ්ලොග් එකෙත් නැතිවෙලා යයිද දන්නේ නෑ දන්නේ නැති ඒවා කරන්න ගිහින්.:(

      චන්දනට ගොඩක් ස්තූතියි.

      Delete
    2. පෝස්ට් එක දිග වැඩි නිසා නම් නෙවෙයි. ඉන්නකෝ, මට ඔහොම උනාම මං කරන ටික පෝස්ට් එකකට දාන්නම්. එතකොට සමහර විට තවත් අයගෙන් අලුත් අදහස් එකතු වේවි නේ.

      Delete
    3. අලුත් පෝස්ට් එකට ගොඩක් ස්තූතියි චන්දන. ඒක නම් බ්ලොග් ලියන හැමෝටම හරිම ප්‍රයෝජනවත් වේවි.

      Delete
  3. Mewwata thama mama hithanne bugs kiyala kiyanne..
    Matath oka wela thiye..
    Ada nam kathaawa ara bahumaana wishwaya wage patalila...
    Ane manda affa..

    ReplyDelete
    Replies
    1. අනේ පව් අෆ්ෆා. ඔහොම තමයි ඉතින් කෙල්ලෝ ඉන්න තැන පැටලිලිමලු. කතාව කියවගෙන යනකොට තේරෙයි මගේ හිතේ.:D

      Delete
  4. අලේ........ ඔන්න දැං තමයි කතාව පටාන් ගත්තේ....... මෝහනය මැදින් මල් මල් පාරක්....

    ReplyDelete
    Replies
    1. කට්ටිය මල් කඩ කඩ යනවා ඇති. :D

      Delete
  5. හොඳයි හොඳයි.. යමුකෝ ඔහොම ඉස්සරහට මොකද වෙන්නේ බලන්න. :)

    ReplyDelete
  6. අම්මට සිරි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ එහෙම කීවේ?

      Delete
  7. ඇහ්.... රිදීමට මතක් උනාද

    ReplyDelete

ඔබේ අදහස් මම ඉතා අගේ කොට සලකමි.
I greatly value your feedback.