අඳුන් සිහින දොලොස්වැනි කොටස
අජය, සුමතිපාලගේ හිසේ සිට පාදාන්තය දක්වා පරීක්ෂාකාරීව තම දෙනෙක් යැවීය. රියදුරකු යැයි පැවසුවත්, ඔහුගෙන් දක්නට ලැබුණේ අහිංසක, බයාදු පෙනුමක්
නොව
ගැඹුරු, නිහඬ වැදගත් පෙනුමකි. දැන් කාලයේ තරුණයකුටම ඔබිනා ශක්ති සම්පන්න බවක්ද ඔහුගේ දේහයෙන් පිළිඹිබු වූයේය.
දිනූෂද, රිදීමාගේ සොහොයුරු නදීන්ද ආලින්දයේ අසුන්ගෙන සිටියෝය. පළමුදා රාති‍්‍රයේ, රිදීමා ඇගේ නිවසින් බැස්සවූ ඔවුහු කෙළින්ම, දිනූෂලාගේ නිවසට පැමිණියෝය. සුමතිපාල උදෑසනින් ම මෙහි පැමිණ තිබුණේ, සිරිසේන කලින්ම යැවූ පණිවිඩියකට අනුවය. ඔහු ඍජු ලෙස ඔවුන් ඉදිරියෙහි සිටගෙන උන්නේය.
අජයට සිතුණේ ඔහු මහා ආඩම්බරකාරයකු බවකි. නදීන් අය්යා නම් ඒ ගණන්ගත්බවක් නොපෙනුණේය. දිනූෂ සිටියේ පුරුදු පරිදි සිහින ලොවක සැරිසරමිනි. රිදීමාද එහි කරක් ගසනවා ඇතැයි සිතූ අජයගේ කට කොණකට සිනාවක් නැගුණේය.
“සුමති දන්නවද අපේ ගමේ හිටපු නැටුම් මාස්ටර්ව ?” ඇසුවේ, නදින් අය්යාය. කොහොමත් බැරෑරුම් පෙනුමක් වූ ඔහුගේ මුහුණින් පළවූයේ, අතිශය භාරදූර කටයුත්තකට තමා අත ගැසුවාක් වැනි සැකමුසු, කරදරකාරී බැල්මකි.
සුමතිපාල මඳක් කල්පනා කළේය.
“එක්කෝ ඔව්, නැත්නම් නෑ..... ඔයතරම් කල්පනා කරන්නේ මොනවද ?” අජය සිතින් තමාටම කියා
ගත්තේය. සිරිසේන බයාදු සිනාවක් පාමින් කතා කළේය.
“උන්නැහැ සුමතිගේ කුඩප්පච්චි කෙනෙක් වෙච්චි.....”
එවර නම් දිනූෂද හිස එසවූයේය.
“එහෙමද ?” ඒ නදින් අය්යාය. “දැන් එයාලා කොහෙද පදිංචි ?”
“හොයලා බලන්නම් සර්....”
සුමති පිළිතුරු දුන්නේ මදක් කල්පනා කරලාය.
“ඇයි එයාලා යන තැනක කියලා ගියේ නැද්ද ?” අජය ඇසීය. සුමති ඔහු දෙස බැලූවේ නැත. ”මේකේ මොකක් හරි හොරයක් තියෙනවා....” අජය කල්පනා කළේය.
“ඔයාගේ කුඩප්පච්චි කෙනෙක් කීවානේ. ළඟ නෑකමක්ද දුර නෑකමක්ද මම දන්නේ නැහැ. පවුල් දෙකේ අමනාපයක් නැත්නම් යනතැනක කියලා යයි නේද ?”
එවරනම් සුමති, අජය දෙස එක එල්ලේ බැලීය. ඒ දෑසේ ක්‍රෝධයක් ඇතිව, නැතිවී යනු අජයට පෙනිණි.
“එයාලයි, අපියි අතර සම්බන්ධයක් නැහැ සර්. කාලෙකට ඉහතදි උණු සිද්ධියක් හන්දා අපි දෙගොල්ලො වැඩි ආශ්‍රයක් නෑ....” සුමති සිහින් සරින්, නදින් අමතා පැවසීය.
“එයාලා ගමෙන් ගියේ නැහැ. යන තැනට වැඩේ සිද්ධ කරගත්තා...” සිරිසේන මිදුලට බැස බුලත් කෙළ පාහරක් ගැසීය. ඔහුගේ ගෙල මුල වූ කොණ්ඩා ගැටය දිස්වූයේ, කුඩා කරුංකා ගෙඩියක් වැනිවය.
“ඒකට හේතුව ?” දිනූෂ විමසීය.
“ඒක දිග කතාවක් සර් !”
“මම හිතන්නේ අපි හැමෝටම
ඕනතරම් වෙලා තියනවා දිගකතා
අහගන ඉන්න....”
අජය උලුවස්සට හේත්තු වූයේය. ”මෙච්චර දුරක් අපි ආවෙත් ඔය දිග කතා අහගන්නම තමයි !” සියල්ලෝම මුවින් නොබැන මද වේලාවක් උන්නෝය.
“උදේට කිරිබත් හදලා මාලු හොද්දකුයි, කට්ට සම්බෝලකුයි හැදුවා මහත්තැන්ලට. නෝනලා ටික නම් තාම නිදි මයෙ හිතේ.....”
සිරිසේන නිහඬතාවය බින්දේය. සුමති සුසුමක් හෙලීය.
“සර්ලා කෑම කාලා එනකල් මම මෙහෙන් ඉන්නම්.....” මිතුරෝ එකිනෙකා දෙස බැලූහ.
“මොකද කියන්නේ ?” දිනූෂ,
අජයගෙන් ඇසීය.
“මම කියන්නද ? ඔක්කොම කෑම මේසෙට යමු. සුමතිටත් පිඟානක් තියන්න සිරිසේන. අපි කෑම කන ගමන් කතා කරමු.....” අජය සිරිසේනට පැවසුවේය. ”නෝනලට මහන්සි ඇති. කැමති තරමක් නිදාගත්තාවේ
!”
සුමති මේසෙට වාඩි වූයේ, කැමැත්තෙන් නොවේ.
“මම කුස්සිය පැත්තට ගිහින් කාලා එන්නම් සර්....” ඔහු කිහිපවතාවක්ම දිනූෂට කීවේය.
පිඟානට කිරිබත් කැබලි කිහිපයක් බෙදාගත් අජය, “දැන් කියමුකො බලන්න....” විධානය කළේය.
“නැටුම් සර් මගේ කුඩප්පච්චි කෙනෙක් වෙච්චි. ඒත් අපි ළඟ ආශ්‍රයක් තිබුණෙ නෑ සර්... මගේ අප්පච්චි නිකම්ම නිකං බෙරවායෙක් විතරයි. මමත් ඉගෙන ගත්තු එකක් නෑ. ඒත් ඒ පවුලෙ පුතෙක් හිටියා හොඳට ඉගෙන ගත්තු....”
දිනූෂ හිස එසවූයේය.
“කෝ එයා දැන් ?”
“මං දන්නේ නෑ සර්...”
“සුමති කතාව කියන්න...” අජය මාලූ කෑල්ලක් පිඟානට දමාගත්තේය. මොනවා නැතත් සිරිසේන මාලූ හොද්දට හොඳින් මිරිස් දමා තිබුණේය. ”ඒ පුතයි, ඉස්කෝලේ ලොකු මහත්තයගේ දුවයි අතර පොඩි සම්බන්ධයක් තිබිලා තියනවා...”
සුමති හොරැහින් නදින් අය්යා දෙස බලනු අජය දුටුවේය. “එතනදි ලොකු පටලැවිල්ලක් වෙලා තමයි එයාලා ගමෙන් ගියේ...” සුමතිගේ
මුහුණ දිස්වූයේ ගලෙන් නෙලූවාක් මෙන් හැඟීම් විරහිතවය.
සිරිසේන තේ කෝප්ප සහිත බන්දේසියක් කෑම මේසය වෙත ගෙනාවේය.
“ලොකු මහත්තයාගේ දුවක් ගෙඟ් ගිහින් මළාද සුමතියෝ !”
නදින් තිගැස්සුණේය. සිරිසේන දෙස බැලූ සුමතිගේ දෑසෙහි වූයේ ක්‍රෝධයකි.
“ඒකත් මම හරියටම දන්නේ නැහැ. අපි උන්නේ මේ ගමේ... ඒ ගමේ උණු දේවල් අපි හරියටම දැනගෙන හිටියේ නැහැ...”
නදින් තමාගේ පිඟාන පසෙකට තල්ලූ කළේය.
“ගෑනු ළමයෙක් වතුරට ගහගෙන ගිහිං මැරුණොත් ඒක අහල ගං හත අටකට ආරංචි වෙනවා නොවැ....” සිරිසේනද කට පියාගෙන හිටියේ නැත.
“ඒත් මේ රටේ මිනිස්සුන්ට සල්ලිවලින් ඕනැම දෙයක් වහගන්න පුලුවනි... සර්ලා මෙහෙම කියනවට මට සමාවෙන්න
ඕනි !”
නදින් තමා දෙස බලන අජයගේ දෑස් මඟ හැරියේය.
“ගෑනු ලමයෙක් මළා කියනවා. බේරගත්තා කියනවා. පිටරට ඇරියා කියනවා...... මම දන්නේ නැහැ සර් !” සුමති පැවසුවේ අජයටය.
“හොඳයි සුමති ඔය කියන කුඩප්පච්චිගේ පුතාගේ නම මොකක්ද ?”අජය පෙරලා ඇසීය.
“අපි නම් එයාට කීවේ බණ්ඩාර කියලයි....” යහලුවෝ එකිනෙකාගේ මුහුණු බැලූහ.
“හානේ මෙයාලා අපිට නොකියම කෑමත් කනවා....” කියමින් හරියට වෙලාවටම එහි ඇතුල්වූයේ මහීකාය. ”හලෝ !....” ඇය මේසය වටා තම දෙනෙත් යැවුවාය.
“කවුද මේ ? මෙයා නිශ්ක වගේ....” සුමති දෙස බැලූ ඇය, පුටුවක් ඇද ඔහු ළඟින්
හිඳගත්තාය.
⋆
⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
රිදීමාට දැනුණේ පාලුවකි. යහලුවන් සමඟ දිනූෂලාගේ නිවසට යාමට, දෙමව්පියන් ඉඩ නොදීම ගැන ඇයට ඊයේ ප්‍රශ්ණයක් නොවූයේ ගමන් මහන්සිය නිසාය. එහෙත් දැන්නම් සිතෙන්නේ, ඔවුනුත් සමඟ තමනුත් ගියානම් හොඳ බවය. අද හවසට තමා බැලීමට එන බව මහීකා දෙතුන්වරක්ම පැවසුවාය. එහෙත් හවස්වීම සඳහා බොහෝ වේලාවක් තිබුණි.
“සුදු බේබියෝ නාරං
ඕනද ?”
මිදුලට බට ඇගෙන් පිංචි කෙල්ල ඇසුවාය. රිදීමා බැලූවේ අහස දෙසය.
ඕස්ටේ්රලියාවෙහි මෙන් විසල්, පැහැදිලි අහසක් මෙහි දක්නට නොලැබුණේය. බැලූ, බැලූ අත දක්නට වූයේ ගස් කොළන්ය. හිරු එළිය වුවද බිම පතිත වූයේ ඒවා අතුරින් වීම නිසා පරිසරයෙහි වූයේ අඳුරුබවෙකි. මඳ සීතලක්
දැනුණෙන් ඈ වෙව්ලූවාය.
“නැත්නම් ගඟ පැත්තේ යමුද ?” පිංචි කෙල්ල යළි ඉඟි කලාය.
“මෝඩි” රිදීමාට කියැවිණි.
සුබරත්න මැණිකේ උයන ගෙහි යමක් කරන හඬ ඔවුනට ඇසිණි.
“අම්මා බනීද දන්නේ නෑ නේද ?”
“සුටුස් ගාලා ගිහින් එමු...”
පිංචි කෙල්ලට හෙමින් ගමනක් ඇත්තේම නැත. බලාගෙන ඉන්නේ උඩින් දුවන්නටමය.
“හිමින් යං පිංචියේ !” ඇය පසුපසින් ගිය රිදීමාට සිහි වූයේ ඇය වරක් දුටු සිහිනයයි.
මහවැලි ගඟ වතුරෙන් පිරී තිබිණි. ඝනඩ වැඩුණු ගස්කොළන් කොළ මිශ්‍ර දුඹුරු චිත්‍රයක් සිහි ගැන්වීය. බටගොල්ල යට, ගඟ අයිනේ හිඳ උනන් තරුණයා නිශ්ක බව රිදීමා, ඔහු නොදැකම දැනගත්තාය.
“එයා අද බටනලා
පිඹින්නේ නැහැ. ඒත් ගමේ කෙල්ලෝ එනවා.....” පිංචි පැවසුවාය.
අඳුන් සිහින දහ තුන්වැනි කොටසින් නැවත හමුවෙමු.
හ්ම් හ්ම් ගලා ගලා යයි.. අගෙයි..
ReplyDeleteඅගේට ගලා යනවා නම් අගෙයි.:)
Deleteadai mehe awe.
ReplyDeleteNiwadupaduwe mula idala kiyawanna hithuna.
Hari apoorui
අඳුන් සිහිනෙට සාදරෙන් පිලිගන්නවා සිත්තරීව. හිමිහිට කියවලා බලලා ඔයාට හිතෙන දේ කියන්නකෝ.
Deleteස්තූතියි.:)
නිශ්ක... සුමති.. නිවුන්නු වත් ද..???? බලමුකෝ නේද.. දැම්ම කිව්වොත් ගතියක් නෑ නේ. :)
ReplyDeleteචන්දනට ඔන්න දැන් නම් ටිකක් විතර අර 'රස්නේ' සෙල්ලම වගේ. ටිකක් විතර රස්නෙයි.:)
Deleteඅනිත් කොටසත් බලන්න ආසාවෙන් ඉන්නවා කතුවරියේ
ReplyDeleteපහුගිය දවස්වල හුස්ම ගන්න බැරි තරම් වැඩ. අද නම් තව කොටසක් දානවා නලීන්.
Deleteදෑන් එතකොට මහීකා ප්ලේන් එකේදි නිශ්කව දෑක්ක කියල රිදීමා දන්නෙ නෑද්ද..
ReplyDeleteඑහෙනම් නිශ්ක කියන්නෙ බන්ඩාර තමයි වගේ නේද..?
කියවගෙන යනකොට ආස හිතෙනව ලොකු කුතුහලයකුත් තියෙන නිසා... ජය.!!
තව එකක්.. මට නම් තේරෙන්නෙ ගඟේ ගහගෙන ගියාට පස්සෙ රිදීමාට මතකය නෑති වෙල වගේ... බලමු නේද.. :)
Deleteඔය ප්‍රශ්න හැම එකම හිමින් විසඳෙයි නිමේශා.:)
DeleteSherlock Holmes theorya daala kathaawa hithaaganna nam mata dan puluwan :-)
ReplyDeleteEth ithin.. Oya hithana widiyath ekamada danne naane..
E nisaa digatama liyanna. Mama ennam kiyawanna.. Me thawa podi deyak.. Rideema Uda ratada Pahatha ratada?
ෂර්ලොක් තියරි දැම්මාම මේක හොයාගත්ත හැකිද? අඟහරුවට තියෙන්නේ මොකද වෙන්නේ කියලා මට කියලා තියන්න.:)
Deleteරිදීමා උඩරට වගේනේද පෙනෙන්නේ. ඇයි එහෙම ඇහුවේ?
දැන් නම් කතාව එළිවේගෙන වගේ එන්න :)
ReplyDeleteටිකක් විතර 'ඔව්':)
Deleteකතාව ලියවෙන විදිහ නම් ලස්සනයි.. කලින් ඒවත් කියවපු හන්දා දැන් ඊළග ඒවා එනකන් බලන් ඉන්න තමා තියෙන්නේ මටත්..
ReplyDeleteදිනේෂ් කලින් ඒවත් කියෙව්වද? එහෙනම් ඉතින් කතාව අල්ලගන්න වැඩි වෙලා යන එකක් නෑ. මම දැක්කා ඔයා රහස් පරීක්ෂක කතා ලියලා තියෙනවා. ඒ වගේ කෙනෙකුට ඉතින් මේ රහස මොකක්ද. පොඩි දෙයක්නේ.:)
DeleteAhuwe nam Manikela inne Udarata hinda. Anika mata nikam ehema gathiyak theruna.
ReplyDeleteDanata kiyapu tika anuwa mama dennam awasaana karanna krama dusim baagayak..
Habayi comment karanne na.
මට ආසයි අඟහරුවා මේ කතාව අවසාන කරන හැටි බලන්න. කියමුකෝ එකක්වත්.:)
Deleteහුටා.. මං මේ 12 කියවන්නෙ නැතුවනෙ 13 කියල තියෙන්නේ... ඒකයි නට් ලූස් උනේ
ReplyDeleteඒක තමයි. එක කොටසක් මිස් උනොත් නට් නම් ලූස්ම වෙනවා.:D
Deleteනිශ්ක කියන්නේ බණ්ඩාර වගේ නේද රිදීමාට අතීතය අමතක වෙලාද
ReplyDelete